ඔක්තෝබර් වැඩි කළ විදුලි බිල සම්පුර්ණයෙන් අඩු කරනවා – විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන  විජේසේකර

විදුලි බිලට පසුගිය ඔක්තෝබර් මාසයේදී වැඩි කෙරුණු ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන බව විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන  විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.

එලෙස විදුලි බිල අඩු කිරීමට අදාළ නව යෝජනාව විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට අද බාර දෙන බවද ඔහු සඳහන් කළේය.

ආගමික ස්ථානවල සහ ගෘහස්ථ කාණ්ඩයේ විදුලි බිල පසුගිය ඔක්තෝබර් මාසයේදී  සියයට දහ අටකින් වැඩි කෙරුණු බව පැවසූ අමාත්‍යවරයා කර්මාන්ත සහ හෝටල්  ක්ෂේත්‍රයේ විදුලි බිල සියයට දොළහකින් වැඩි කළ බවද ප්‍රකාශ කළේය.

රජයේ ආයතන වල විදුලි බිල සියයට 24කින් ඔක්තෝබර් මාසයේදී වැඩි කෙරුණු බවද ඔහු සඳහන් කළේය.

අවම වශයෙන් ඔක්තෝබර් මාසයේ වැඩිකළ මුදල සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන බවද  අමාත්‍යවරයා කීය.

“ඊටත් වැඩිය පුළුවන්නම් ඒ යෝජනාව හදලා දෙන්න තමයි බලාපොරොත්තුව” යැයිද  ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *