|

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අමාරු ප්‍රශ්නය සති තුනකින් අවසන් !

 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ වඩාත්  අභියෝගාත්මක ප්‍රශ්නය වන පෞද්ගලික ණය හිමියන් සමග ගිවිසුමකට එලබීම ඉදිරි සති දෙක තුනක කාලය තුළ අවසන් කරගත හැකි වනු ඇතැයි රජයේ තතුදත් ආරංචි මාර්ග විශ්වාසය පළ කරයි.

ශ්‍රී ලංකා රජයෙන් නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කරවල ආයෝජන කළ මෙම පිරිස සමග එකඟත්වයක් සඳහා රජයේ සාකච්ඡා කරමින් සිටියි.

ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ දී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වන විට අවසන් කොට ඇත. ද්වි පාර්ශවික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතා ලබාගෙන ඇති අතර ගිවිසුම් ගත වීමේ සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

මේ වන විට වඩා අභියෝගාත්මක ප්‍රශනය ලෙස පවතින්නේ පෞද්ගලික ණය හිමියන් සමග එකගතාවක් ඇතිකර ගැනීම යි. එහි දැනට ඇති ප්‍රගතිය අනුව ඉදිරි සති කිහිපය තුළ ඒ පිලිබඳ එකඟත්වයක් ඇතිකර ගත හැකි වනු ඇතැයි කියති.

මුදල් රාජ්‍ය ඇමති රන්ජිත් සියඹලාපිටිය මහතා පසුගිය දා ප්‍රකාශ කළේ ජුනි මස වන විට ණය ප්‍රතිව්‍යුහගත කරණය සම්පුර්ණයෙන් අවසන් කිරීමට හැකි වනු ඇති බව යි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *