ත්‍රස්ත විරෝධී පනතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි ; සංශෝධන කළොත් සරල බහුතරයක් ඇති – ශ්‍රේෂ්ඨාධිකරණය

යෝජිත ත්‍රස්ත විරෝධී පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, ඒවා පවතින ලෙස සම්මත කිරීමට තුනෙන් දෙකක ඡන්දයක් සහ එක් වගන්තියක් සඳහා ජනමත් විචාරණයක් අවශ්‍ය බවත්, එසේ වුවත් ශ්‍රේෂ්ඨාධිකරණ නියම කර ඇති සංශෝධන ඇතුළත් කරන්නේ නම් එය සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ එමස්  තීන්දුව කථානායකවරයා වෙත ලබා දී තිබේ.

අද (20) පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය කථානායකවරයා විසින් එම තීන්දුව පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරනු ලැබීය..

 

 

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සංශෝධනවලට යටත්ව පමණක් සරල බහුතරයකින් නීතියක් බවට පත් කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *