මහින්ද, චන්ද්‍රිකා, ගෝටාභය, මෛත්‍රීපාල සියලු දෙනා රනිල්ගේ වේදිකාවට නගිනවා – අනුර කුමාර

ඉදිරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග, ගෝටාභය රාජපක්ෂ ,මෛත්‍රීපාල සිරිසේන ආදී සියලු දෙනා රනිල් වික්‍රමසිංහ මහතාගේ වේදිකාවට නගින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.

ඒ මහතා කියන්නේ සාටකය දාගත් මහින්ද, ටයි කොට් ඇඳි රනිල්, ඔසරිය ඇඳි චන්ද්‍රිකා, තරු පටි ගහගත් ගෝටාභය, පොළොන්නරුවේ ගැමියා මෛත්‍රීපාල ආදීන් සිටින රනිල්ගේ වේදිකාව අරුමෝසම් වේදිකාවක් වන බව යි.

රනිල් සහ සජිත් එකතු කිරීමට සමගි ජන බලවේගයේ පිරිසක් උත්සහ දරන නමුත් දෙදෙනා අතර පෞද්ගලික විරසකය නිසා තව ම එය සිදු වී  නැති බව ඒ මහතා ප්‍රකශ කළේ කුරුණෑගල පැවති ජාතික ජන බලවේගයේ කාන්තා සම්මේලනය අමතමින් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *