|

සියයට 25 ට ගිය බැංකු පොලිය සියයට 11 ට බැහැලා – මහ බැංකුව කියයි

 

වසරකට පෙර සියයට 25 ඉක්මවා ගොස් තිබු බැංකු පොලී අනුපාත මේ වනවිට සියයට 11 පමණ දක්වා අඩු වී ඇති බව ශ්‍රී ලනක මහ බැංකුව ප්‍රකාශ කරයි.

මහ බැංකු පවසන්නේ මීට වසරකට පෙර 25.35% ක්ව පැවති බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (AWPR) මේ වන විට 11.61 ක් මට්ටමට පහළ ගොස් ඇති බවයි.

පසුගිය සතිය තුළ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු සියල්ලක්ම පාහේ සිය බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතික (AWPR) කැපීපෙනෙන ලෙස පහළ දමා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව සඳහන් කරන පරිදි පසුගිය සතිය තුළ දී එක් එක් වානිජ බැංකුවට අනුව අඩුම බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය මහජන බැංකුව විසින් පිරිනමා ඇති අතර එය 10.87% ක් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *