දිලිත්,සටන සිව්කොන් කරයිද? -රටේ රාළ

May be an image of 2 people, dais and text
දිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂයේ කොළඹ දිස්ත්රික් සමුළුව ගිය 17 වෙනිදා සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදී පැවැත්වුනා. සාමන්යයෙන් සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණය ගන්නේ දේශපාලන පක්ෂවල ජාතික සමුළු වගේ විශේෂ events වලට.මෙතෙන්දී දිලිත්ගේ කොළඹ දිස්ත්රික් සමුළුව තියන්න සුගතදාස එක ගැනීම විශේෂයක්.රටේ රාළට මතක විදියට දිස්ත්රික් සමුළුවක් මීට කලින් සුගතදාස එකේ තියලා නෑ.
රටේ රාළ බලකායේ බුද්ධි වාර්තා අනුව දිලිත්ගේ සමුළුව සාර්ථකයි. සුගතදා ශෘහස්ත ක්රීඩාංගණය ඇතුලේ තියන පුටු 5005 ම පිරෙන්න සෙනඟ හිටියා.ඒ වගේම තවත් විශාල පිරිසක් හිටගෙනත් හිටියා. ඒක සාර්ථක රැස්වීමක් බව කුහක නැතිව කියන්න ඕනි.මීට ඉස්සෙල්ලා ලිපියකින් රටේ රාළ කිව්වේ රනිල්,සජිත්,අනුර කියන ප්රධාන අපේක්ෂකයින් තුන්දෙනාගේ වළල්ල ඇතුලට එන්න උත්සාහ කරපු දෙවෙන පෙල අපේක්ෂකයින්ගෙන් අසාර්ථක නොවී ඉන්න පුළුවන් උනේ දිලිත්ට විතරයි කියලයි.
මුලදී දිලිත්ට උඩින් හිටිය බැසිල්වාදී අපේක්ෂක ධම්මික පෙරේරා දෙවෙනි වළල්ලෙනුත් එලියට විසී වෙලා දැන් ගොඩක් කල්.කොහොම උනත් පළවෙනි අපේක්ෂක වළල්ල ඇතුලට එන්න දිලිත්ට තව ගොඩක් උත්සහ කරන්න වෙනවා.යම් විදිහකින් දිලිත් පළවෙනි අපේක්ෂක වළල්ලට ආවොත් ජනාධිපතිවරණය එන්නත් ඉස්සෙල්ලා සටන සිව්කොන් එකක් වෙනවා.ජනාධිපතිවරණය ප්රකාශයට පත්කලාට පස්සේ සටන දෙකොන් සටනක් වෙන්න තියන ඉඩ රටේ රාළ තවමත් බැහැර කරන්නේ නෑ.
ඇත්තටම දෙවෙන පෙල හිටිය අපේක්ෂකයෝ සියලු දෙනා විසිවෙලා දිලිත් විතරක් ඉතිරි වෙන්න බලපාපු හේතුව මොකද්ද?ඒ ප්රශ්නය ඔයාලටත් ඇති.රටේ රාළගේ විග්රහට අනුව නං ඒකට හේතු කීපයක් තියනවා.එකක් තමයි අපේ සමාජය ඇතුලේ නිර්මාණය වෙලා තියන අලුත් දේශපාලන රිත්තකය.පරණ දේශපාලන system එක බරපතල විදිහට ප්රතික්ෂේප කරන සමාජයක් දැන් නිර්මාණය වෙලා තියනවා.
පරණ system එක නායකයොත් එක්කම ප්රතික්ෂේප වෙලා.අලුත් දේශපාලන මාවතක් හොයන සාමාජයක් නිර්මාණය වෙලා.ඒ අවස්ථාව තමයි මාලිමාවට සහ දිලිත්ලට ඇවිත් තියෙන්නේ. ඒකෙන් රටේ රාළ කියන්නේ නෑ මාලිමාව හරි දිලිත් හරි ආවා කියලා රට ඉල්ලන System change එක වෙයි කියලා.හැබැයි ඒ system change එක කරන්න අපට පුළුවන් කියලා මාලිමාව සහ දිලිත්ලා සමාජ මනෝභාවය ඇතුලේ අදහසක් හදලා තියනවා.
ඒක කරන්න පුළුවන් මාලිමාවට කියලා වැඩි පිරිසක් පිලිගනිද්දී දිලිත් ඒක කරයි කියලා පිලිගන්න කොටසකුත් ඉන්නවා.දිලිත් කරලා තියෙන්නේ ඒ අදසත් එක්ක මාලිමාවට ගිය බලවේගයෙන් කොටසක් කඩා ගැනීමයි.ඒක නිසාම දැන් මාලිමාවේ ප්රධාන ප්රතිවාදියෙක් බවට දිලිත් පත්වෙලා තියනවා.මාලිමාවට ඉන්න අනෙක් සතුරු කණ්ඩායම බවට පත්වෙලා තියෙන්නේ අනුර යාපා – ලන්සා කණ්ඩායම.
පොහොට්ටුවේ ඡන්ද බැංකුව ආක්රමණය කිරීමේදී සජිත් කියන්නේ මාලිමාවට ලොකු තරඟකරුවෙක් නෙවෙයි.සජිත්ට තවමත් රනිල් – සජිත් ගැටුමෙන් නිශ්ක්රීය උන එජාප ඡන්ද ලක්ෂ 15 – 20 වත් තමන්ගේ මල්ලට දාගන්න බැරිවෙලා තියනවා.එහෙම තියන සජිත්ට පොහොට්ටුවේ ඡන්ද පදනම ආක්රමණය කරන්න බෑ. පොහොට්ටුවේ ඡන්ද පදනමට බලපෑම් කිරීමේ වැඩිම හැකියාව තිබුණේ ශ්රිලනිපයට.හැබැයි ශ්රිලනිපය ඒ සටන අතෑරලා දැන් ගොඩක් කල්.
ශ්රිලනිපය සටන අත්හැරීමේ වාසිය ආවේ මාලිමාවට.පොහොට්ටුවේ angry vote එක තමයි ජවිපෙට වේගයෙන් ඇදිලා ගියේ.ඔයාලා මාලිමා රැල්ල විදිහට දැක්කේ පොහොට්ටුවේ මේ පහල බලවේගය ගැලවිලා ගිහින් මාලිමාවේ වාටියේ තැන්පත් වෙන එකයි.හැබැයි ජවිපෙට පොහොට්ටුවේ ඡන්ද බැංකුව තනි බුක්තියට ගන්න බැරිවෙන්නේ පොහොට්ටුවේ ඡන්ද පදනම ආක්රමණය කරන්න අනුර යාපා – ලන්සා කණ්ඩායමත්,දිලිත්ගේ මව්බිම ජනතා පක්ෂයත් පටන් ගැනීමත් එක්ක.
දැන් පොහොට්ටුවේ ඡන්ද පදනමට තුන් පැත්තකින් පහර එල්ල වෙනවා.ඒ මාලිමාවෙන්,අනුර යාපා – නිමල් ලන්සා කණ්ඩායමෙන් සහ දිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂයෙන්.මෙතනදී අනුර යාපා – නිමල් ලන්සා කණ්ඩායමට සහ දිලිත්ට මාලිමාව එක්ක තරඟයක් තියනවා වගේම ඒ දෙගොල්ලෝ අතරත් තරඟයක් නිර්මාණය වෙමින් තියනවා.ලන්සලාගේ දෙවෙනි ජන රැලිය ලබන 24 වෙනිදා හයිඩ් එකේ තියනවා. භූමියේදී මාලිමාව එක්ක තරඟයක් දෙන කණ්ඩායම් දෙක අතර තරඟයත් අපට හෙට දවසේ බලාගන්න පුළුවන්.
ඒ දෙකෙනුත් මාලිමාවට සංවිධානාත්මක සටනක් දෙන්නේ දිලිත් බව පිලිගන්න වෙනවා.රටේ රාළ එහෙම කියන්නේ දිලිත්ගේ පැත්තෙන් මැතිවරණ ප්රචාරක වැඩක් වගේම මතවාදයකුත් ජනතාව අතරට ගෙනියන්න උත්සහ කරන හින්දයි.අනුර යාපා – නිමල් ලන්සා කණ්ඩායම මතවාදී වැඩපිලිවෙලකට ලොකු බරක් තවමත් තියලා නෑ.දිලිත්ගේ මතවාදී වැඩපිලිවෙල කොච්චර දුරට නිරවුල්ද කියලා කියන්න රටේ රාළ දන්නේ නෑ.
මොකද ඒ මතය තවමත් මව්බිම ජනතා පක්ෂය පැත්තෙන් කතා කරන්නේ දිලිත් විතරයි.දිලිත්ගේ මතයේ එක කොටසක් විදිහට ව්යවසායකත්ව රාජ්යයක් කියන කන්ෂෙප්ට් එක ගන්න පුළුවන්. දිලිත්ගේ ව්යවසායකත්ව රාජ්ය සංකල්පය එක්ක ලොකු ප්රතිවිරෝධයක් කාටවත් තියෙයි කියලා රටේ රාළ හිතන්නේ නෑ.දිලිත් මේ කියන්නේ නිෂ්පාදන සහ සේවා ආර්ථිකයක් ගැන දිලිත්ගේ තියන දැක්ම.හැබැයි දිලිත් කියන සභ්යත්ව රාජ්යය, සිංහල බෞද්ධ සභ්යත්වය සහ ජාතිකත්ව පදනම වගේ කතා තවමත් සමාජයට නිරවුල් නෑ.
කොහොම උනත් දිලිත් ප්රශ්න තේරම් අරන් තියන විදිහ ගැන අගැයීමක් රටේ රාළටත් තියනවා. මේ ප්රශ්නයට උත්තර හදන්න නං මතවාදීමය සහ සංවිධානමය මෙහෙයුමක් අවශ්යය බව දිලිත් තේරුම් අරන් තියන බව පේනවා. ලොකු සංවිධාන යාන්ත්රණයක් නැතිව උනත් දිලිත් දැනට දිස්ත්රික් සමුළු හතක් තියලා තියනවා.ඒ කිසිම එකක් අසාර්ථක නෑ.දිලිත් අතර මැද තැනකින් කොළඹ දිස්ත්රික් සමුළුව ගන්න ඇත්තේ එයලගේ සටන තවත් පීක් කරන්න වෙන්න ඇති.
17 වෙනිදා සමුළුව දිහා පිට ඉඳන් බලද්දී දිලිත්ගේ උත්සාහය සාර්ථක බව කියන්න ඕනි.එතනට ව්යාපාරික ක්ෂේත්රයේ පිරිසක් ඇවිත් හිටියා.ඒ වගේම වාමාංශික දේශපාලන පක්ෂවල නියෝජනයක් තිබුණා.ප්රභූ චරිත ප්රමාණයකුත් ආරාධිතයෝ විදිහට හිටියා.සමුළුව ඇතුලේ උද්යෝගය දිගටම පැවතීමෙන් මව්බිම ජනතා පක්ෂයේ බලවේගයක් එතන හිටපු බව පෙනුනා.දිලිත් මේ සටනේදී වැඩිපුර බරක් ජවිපෙ පැත්තට යොදවන බව පේනවා.දිලිත් තමන්ගේ අනිකා බවට ජවිපෙ පත් කරගන්න ගියොත් දිලිත්ටත් වරදිනවා.
මේ තියන තත්වය යටතේ තමන්ගේ අනිකා බවට පත්කර ගන්න ඕනි මේ තියන System එකය මිසක් ජවිපෙ නෙවෙයි.රටේ රාළ ඒකෙන් කියන්නේ ජවිපෙ හරි මාලිමාව හරි විවේචනය කරන්න එපා කියලා නෙවෙයි.ජවිපෙ පස්සෙන් ලුහු බදින්න යන එකෙන් ජවිපෙට වගේම ලුහුබදින කෙනාටත් පාර වරදිනවා.දැන් මේ රට අවශ්යය නිවැරදි ආර්ථික සහ දේශපාලන ප්රතිසංස්කරණ වැඩපිලිවෙලක්. ඒක තමයි තියන එකම කෙටි කාලීන උත්තරය.රටේ රාළ තවමත් විශ්වාස කරන්නේ ඔය කියන නිශ්චිත මැතිවරණ සංධිස්ථානය එනකොට මේ රටේ දේශපාලනය මීට වඩා ගොඩක් වෙනස් තැනක තියෙයි කියලයි.
අද තනි තනි බලවේගය විදිහට වැඩකරන අයට එකට එකතු වෙලා පොදු වැඩපිලිවෙලකට එකඟ වෙන්න වටපිටාවක් නිර්මාණය වෙන්න තියන ඉඩ වැඩියි.හැබැයි ඒ සන්ධිස්ථානයට එනකොට තනි තනිව වැඩ කරලා ශක්තිය ගොඩනගාගෙන තියන එක හොදයි. මොකද එතකොට එක මිටියක් බවට පත්වෙන්නේ ශක්තිමත් බලවේගවල එකතුවක්.එහෙම එකතුවකින් නිර්මාණය වෙන සන්ධානානයක් තමයි ඊළඟ පියවරට ඕනි.
ඒකට ශක්තීන් ගොඩක් එකතුවීම තමයි හොඳ.නැත්තං මෙච්චර කල් හැදුනා වගේ එක Big power එකක් වටේට තවත් පොඩි කණ්ඩායම් එකතුවෙලා හැදෙන සන්ධාන තවදුරටත් වලංගු නෑ.ඊළඟට අද මේ රටේ දේශපාලනයේ Big power කියලා ජාතියක් ඉතුරුවෙලා නෑ. මිටිය බදින ගොඩේ හැම එකම ශක්තිමත් නම් තමයි හොඳ.ඒ වගේ කණ්ඩායමක් නිවැරදි වැඩපිලිවෙලක් වටේට එකතු කරන්න පුළුවන් නම් ඒකෙන් රටට උත්තරයක් හදන්න පුළුවන්. දිලිත්ලටත් ඒකට සම්මාදන් වෙන්න පුළුවන් වෙයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 2 people, dais and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *