රුක්ෂාන් බෙල්ලනගේ මානව අයිතිවාසිකම් – අජිත් පැරකුම් ජයසිංහ

Rukshan Bellana

රුක්ෂාන් බෙල්ලන කියන්නෙ මාත් ප්‍රිය නොකරන පුද්ගලයෙක්. ඒ වුණාට මේ ලෝකෙ ජීවත් වෙන්නට ඕනැ අප ප්‍රිය කරන පුද්ගලයන් විතරක් නෙමෙයි. රුක්ෂාන් බෙල්ලන සෞඛ්‍ය වැඩ වර්ජනය ගැන විවෘතව, නොබියව තමන්ගෙ මතය ප්‍රකාශ කළා. ඔහු කියූ ඇතැම් දේවලට අප ද එකඟයි. විශේෂයෙන්ම, රෝහල්වලට අවශ්‍ය වෛද්‍යවරුන් හා හෙදියන් පමණක් බව හා සෙසු සේවා බැහැරින් ලබාගැනීම ලාභදායී බව ඔහු කීවා. එය සලකා බැලිය යුතු යෝජනාවක්.

එහෙත්, ඔහු කියූ ඇතැම් කරුණු නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් සමාජ පන්තිය වෙනස් කරගත් ඉහළ වෘත්තිකයන් ළඟ තිබෙන පුස් අධිමානයේ ප්‍රකාශන වන වැඩකරන ජනතාව හෙළා දැකීම් බව ඇත්තක්. එහෙත්, සුළු සේවකයන් ගැන ඔවුන් කියූ ඇතැම් කරුණු සත්‍යයක්. මේ සේවකයන් සියලු දෙනාම පාහේ දේශපාලකයන්ට පන්දම් අල්ලා රස්සාවල් ලබාගත් අය. මේ අය බඳවාගැනීම සඳහා කිසිදාක විවෘත අයදුම්පත් කැඳවීමක් කර තිබෙනවා ඔබ දැක තිබෙනවාද?

මේ අය අතර සැලකිය යුතු පිරිසක් දැන් සිස්ටම් චේන්ජ්කාරයෝ. ඒක ඔවුන්ගේ අයිතියක් නම්, රුක්ෂාන් බෙල්ලනගේ පෙනී සිටීම ඔහුගේ අයිතියක්.

ඔහු තමන්ට අපහාස කළ බව කියමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඊයේ නටපු නාඩගම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණු සියලුදෙනාගේ වැඩ තහනම් කර විමර්ශන සිදුකළ යුතුයි. රාජකාරියට බාධා කිරීම, පොදු දේපළවලට හානි කිරීම, තර්ජන, බියවැද්දීම් හා ප්‍රාණ ඇපයට ගැනීම යන අපරාධමය ක්‍රියා මෙහි දකින්නට ලැබුණා.

මේ ක්‍රියාව මෙහෙයවූ වෘත්තීය සමිති නායකයන් සිටී නම් ඔවුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඊයේ මාධ්‍යවලට කතා කළ වෘත්තීය සමිති නායකයන්ගේ ප්‍රකාශවල තිබුණේ ලොකු චූන් එකක්.

අජිත් පැරකුම් ජයසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *