රනිල් රාජපක්ෂගේ සිට රනිල් ලෙනින් දක්වා – රටේරාළ

May be an image of 2 people and text that says 'pии BCEY AиHRй'
ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩි වෙනවා.ප්රධාන අපේක්ෂකයන් කැම්පේන් එකට දාන බරත් දවසින් දවස වැඩි කරන බව පේනවා.සජිත්,අනුර,දිලත් දිගටම ජනාධිපතිවරණයට එන බව කියද්දී රනිල් තවමත් සද්ද නෑ.රනිල් තවමත් කියාගෙන යන්නේ රටේ ආර්ථිකය ගොඩදාන කතාව.රටට හොඳ අනාගතයක් හදන කතාව. රනිල්ගේ මේ හැසිරීම ආණ්ඩුවට වගේම විපක්ෂයටත් ප්රශ්නයක් වෙලා.
රනිල් ජනාධිපතිවරණයට එන්නේ නෑ කියලා ගණන් හදන අයත් ඉන්නවා.පහුගිය කාලේ රනිල් කරපු විදේශ සංචාරත් එක්ක හිතලා රනිල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලොකු පුටුවක් ටාගට් කරගෙන වැඩ කියලා කතාවකුත් තිබුණා.දැන් ඒ කතාව ඒ විදිහටම නැතත් අතරින් පතර තවමත් එහෙම කතා තියනවා.රනිල් ජනාධිපතිවරණයට එනවා කියලා ප්රකාශ කරලා නැති හින්දා ආණ්ඩුවේ බලවේග අතර හැදිලා තියෙන්නෙත් ව්යාකූල තත්වයක්.
අපි රනිල්ට කැම්පේන් කරලා අන්තිමට රනිල් ආවේ නැත්තං අපිටත් ඇඩ්රස් නැති වෙයි කියලා හිතන කට්ටියකුත් ඉන්නවා.රටේ රාළ නං දිගටම කිව්වේ රනිල් ජනාධිපතිවරණයට එනවා කියලා. ඒ රනිල් ජනාධිපතිවරණයට එනවා කියලා රටේ රාළට රහසෙන් කියලා නෙවෙයි.මේ පෙලගැහෙන තත්වයන් විශ්ලේෂණය කළහම රනිල්ට ඒ තීරණයට එන්න වෙනවා. ඒ නිසා රනිල් එන එක ගැන දෙගිඩියාවක් රටේ රාළට නං නෑ.
රටේ රළට තියන එකම දෙගිඩියාව රනිල්ට ඇවිත් දිනන්න පුළුවන්ද කියන එක විතරයි.එකෙන් රටේ රාළ කියන්නේ රනිල් අනිවාර්යයෙන්ම පරදිනවා කියලා නෙවෙයි.ජනාධිපතිවරණ සටන තවමත් රනිල්ට වගේම අනුරටත් විවෘත සටනක් කියලයි.රනිල්ට හරි අනුරට හරි විවෘතයි කියලා කියනකොට ඔයාලට ප්රශ්නයක් එනවා කෝ එතකොට සජිත් කියලා.
දැන් පෙළගැසෙන තවත් එක්ක ජනාධිපතිවරණ තරඟ බිමෙන් ඉක්මනටම විසිවෙන්න වැඩි සම්භාවිතාවයක් තියෙන්නේ සජිත්ව.රටේ රාළ කියන්නේ සජිත් තරඟ කරනවාද නැද්ද කියන එක මේ සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා තීරණය වෙයි.ජනාධිපතිවරණයට තරඟ කරනවාට වඩා තරඟ නොකර සිටීම සජිත්ට වාසිදායකයි කියන තීරණය ගන්න වැඩි සම්භාවිතාවක් තියනවා.
රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම තවම ප්රකාශ නොකිරීම එක්තරා පිරිසකට බරපතල ප්රශ්නයක් වෙලා තිබුණත් රටේ රාළ විශ්වාස කරන්නේ රනිල් ඒක නොකියන එක තමයි රනිල් එනවා කියලා කියන්න තියන හොඳම සාධකය.රනිල් තමන්ගේ ජනාධිපතිවරණ කැම්පේන් එක එයාගේ ආර්ථික සහ ජාත්යයන්තර වැඩපිලිවෙලට ෆෝකස් කරලයි ගේන්න හදන්නේ.
ඒ කියන්නේ මේ පියවර තුනම එකට තියන්න රනිල් ට්රයි කරනවා. ඒක නිසා තමයි රනිල් එච්චර හදිස්සියක් පෙන්නන්නේ නැත්තේ. හැබැයි රනිල් ජනාධිපතිවරණයට වඩම්මගෙන එන්න බලාගෙන ඉන්න අයට ඒක හරියන්නේ නෑ. කොහොම උනත් රනිල් එනවා කියන කතාව රටට කියන්න ඉස්සෙල්ලා තමන්ගේ ළඟ කවයට කියන්න වෙනවා.රටේ රාළ හිතන්නේ රනිල් දැනට ඒ කතාව කියලා තියෙන්නේ සීමිත පිරිසකට විතරයි.
මේ ගොඩනැගෙන තත්වයත් එක්ක රනිල්ට ඉතා ඉක්මනින් ඒ ගැන ඉඟියක් හරි දෙන්න වෙනවා. ගොඩක් වෙලාවට මේ මාසේ නැත්තං ලබන මාසේ මුල් සතිය ඇතුලත ඒක කරන්න වෙයි.
මොකද රනිල් ජනාධිපතිවරණයට ගේන්න කදවුරක් හැදෙමින් තියනවා.රනිල් තවමත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවද නැද්ද නොකියන එකෙන් ඒ කදවුරේ අයත් රනිල් නැත්තං මම කියලා හිතාගෙන දුවනවා.
රනිල් එනවා නං ඒ තරඟය නැති වෙනවා.ඊළඟට රනිල් නොඑන කතාව පතුරවන්නේ සජබය සහ ජවිපෙය.රනිල් එන්නේ නෑ කියලා විතරයක් නෙවෙයි රනිල් ජනාධිපතිවරණය තියන්නෙත් නෑ කියලයි ජවිපෙ සහ සජබය නිව්ස් ප්ලාන්ට් කරන්නේ. රාජපක්ෂලාගෙනුත් ඒකට යම් තල්ලුවක් හම්බවෙනවා ඇති.සජිත් සහ ජවිපෙ කියන මේ කතාවල කොන් කෑලි අල්ලගෙන මෙලෝ හතරක් නොදැන විමල්ලා, ගම්මම්පිලත් කටට එන එන ඒවා කියලා දානවා.
ඇත්තටම ඉදිරි ජනාධිපතිවරණය කාටවත් නවත්තන්න බෑ.ඒ වගේම මහ මැතිවරණයත් අනිවාර්යයෙන්ම තියනවා.ඡන්ද කල්දාන්න රනිල්ට තිබුණ අවසාන තර්කයත් දැන් ඉවරයි.දැන් අපි බංකොලොත් රටක් නෙවෙයි කියලා රනිල්ම තමයි කියන්නේ. බංකොලොත් රටක ඡන්දයක් තියන්න සල්ලි නෑ කියලා කියන තර්කය පිලිගන්න පුළුවන් උනත් දැන් එහෙම තත්වයක් මේ රටේ නෑ.
ඒක නිසා සල්ලි නැතිකම පෙන්නලා ඡන්ද කල්දාන්න දැන් රනිල්ට බෑ. අනික ජනාධිපතිවරණය පැවැත්වීම ගැන ව්යවස්ථානුකුලව කිසිදු බලපෑමක් කරන්න අනුප්රාප්තික ජනාධිපති විදිහට රනිල්ට බෑ.ඒක නිසා ජනාධිපතිවරණය එන එක ස්ථිරයි වගේ ඇඟේ පණ තිබුනොත් රනිල් තරඟ කරන බවත් ස්ථිරයි. දැන් රනිල් සහභාගි වෙන උත්සවවලත් ප්රචාරක වැඩ ජනාධිපතිවරණයට ෆෝකස් කරන බව පේනවා.
රනිල් කරන්න හදන්නේ ජාත්යන්තරයේ සහයත් දිනාගෙන උතුරු හා නැගෙනහිර පලාත් නියෝජනය කරන දෙමළ, මුස්ලිම් පක්ෂ සහ වතුකරයේ දෙමළ පක්ෂවලත් සහය හදාගෙනම වැඩේට enter වෙන්න.රනිල්ට හැර ජාත්යන්තරයේ සහය ගන්න පුළුවන් අපේක්ෂකයෙක් දැනට නම් පේනතේක්මානයක නෑ.අනුර ඉන්දියාවේ ගිහින් සියලු රෙදි උනා දාලා දේශපාලන වශයෙන් නිරුවත් වෙලා ආවා.
එකෙන් අනුරට ඉන්දියාවට යටත් වෙන්න වගේම රට ඇතුලේ තිබුණ ජනප්රියත්වයේ කොටසකුත් නැතිවුනා.රනිල් දරන මේ උත්සාහය ඇතුලේ දෙමළ ඡන්ද පදනම රනිල්ට හැදෙන්න තියන ඉඩ වැඩියි.ඒකේ වර්ධනයක් දැනටත් තියනවා.රටේ රාළ හිතන්නේ මුස්ලිම් ඡන්ද පදනම තවමත් විවෘතව තියනවා කියලා.ඒ ටිකත් okay කරගෙන තමයි රනිල් ගේමට බහින්නේ.රනිල් එන්නේ නෑ කියන එක ජවිපෙ සහ සජබය විසින් කියන කතාවේ දේශපාලන අර්ථයකුත් තියනවා.
ඒ රනිල් එනවා කියන එක සජිත්ට සහ අනුර දෙන්නාටම අභියෝගයක්.රටේ රාළ එහෙම කියන්නේ ඡන්ද පදනම් සළකාලා නෙවෙයි.රනිලට මතවාදීමය වශ්යයෙන් අභියෝග කරන්න අනුරටවත් සජිත්ටවත් බෑ. අවසානයේ ඡන්ද බවට පත්වෙන්නේ මේ මතවාදය. මතවාදයෙන් රනිල් එක්ක හැපෙන්න සජිත්ට කොහොමවත් බෑ.ඒක කරන්න පොඩි හෝ හැකියාවක් තිබුණේ අනුරට විතරයි. හැබැයි දැන් අනුර රනිල්ගේ මතවාදය සම්පුර්ණයෙන්ම වැළඳගෙන හින්දා අනුරටත් ඒක කරන්න බෑ.
අනුර රනිල් වැළඳ ගනිද්දී රනිල් ලෙනින් වැලදගෙනද කියලත් සැකයක් හිතෙනවා.1917 රුසියානු විප්ලවයේ ලෙනින්ගේ ප්රධාන සටන් පාඨය රනිල් මේ ළගදී ඉස්සුවා. ජනතාවට සාමය,පාන් සහ ඉඩම් කියලයි ලෙනින් කිව්වේ.රනිල් කියන්නේ ජනතාවට සාමය,පාන්/බත් සහ ඉඩම් කියලා.දැන් බලනකොට විප්ලවය කරන්න හදන්නේ අනුර කුමාර නෙවෙයි රනිල් රාජපක්ෂ කියලා කිව්ව රනිල් ලෙනින්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 2 people and text that says 'pии BCEY AиHRй'

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *