ප්‍රාන්තයක් වෙමු. ගෝත්‍රයක්  නොවෙමු – චින්තන ධර්මදාස

ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත්වීම නරක දෙයක් නෙමෙයි. ඒත් ඒක කියන එක නරක දෙයක්.ලංකාව මේ වෙද්දි සංස්කෘතිකව ඉන්දියාවෙ ප්‍රාන්තයක් වෙලා ඉවරයි කියන එකයි මගේ අදහස.මේ ව්‍යාප්ත වෙන මුග්ධ ජාතිකවාදය, ආගමික උන්මාදය, සමූහවාදය, ජනකාන්තවාදය සියල්ල ඉන්දියානුකරණයේ දිගුවීම්.

ඒ වගේම අපේ නිර්මාණ විශේෂයෙන් ජනප්‍රිය ගීත, චිත්‍රපට ආදියත් කියන්නෙ ඒ නැඹුරුවමයි.

මෙතනදි අපි ඉන්දියාවෙ දකුණට වඩා ආකර්ශනය වෙමින් තියෙන එක තමයි සංස්කෘතිකව වඩා නරක ප්‍රතිඵල ඇති කරන්නෙ.

ඒත් අපි දිගු කාලයක් පුරා ඉන්දියාවට වඩා වෙනස් වෙන්නෙ කොහොමද කියන එක උත්සාහ කරපු රටක්.

ඒක අපිට කරන්න පුළුවන් වුනේ අපි වඩාත් බටහිරට නැඹුරු වීම නිසා. බටහිර පුද්ගල නිදහස, පුද්ගලවාදය වැනි සංකල්ප සමාජයට හුරු වීම නිසා. වෙන රටකදී වුනත් ඉන්දියන් උන්ට වඩා අපිව කැපී පෙනෙන පැවැත්මෙන් එන සංස්කෘතික වෙනස්කම් තිබුන.

අපි ඉන්දියාවෙ ප්‍රාන්තයක් බවට පත්වෙන එක නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒත් අපි ඒක ආඩම්බරෙන් බාරගන්නවා වෙනුවට වෙනදටත් වඩා උවමනාවෙන් අපි ඉන්දියාවෙන් වෙනස් වෙන්නෙ කොහොමද කියල කල්පනා කරන්න ඕන. ඒ කියන්නෙ වඩවඩාත් බටහිරට නැඹුරු වීම තමයි උත්සාහය විය යුත්තෙ. එහෙම වුනොත් විතරයි ඉන්දියාවෙ ප්‍රාන්තයක් විදිහට වුනත් අපිට පැවැත්මක් තියෙන්නෙ.

රාවනාව කරේ තියාගෙන හෝ බුදුන් උපන්නෙ ලංකාවෙ වගේ හෝ කන්දක් කන්දක් ගානෙ චෛත්ති ගහමු වර්ගයේ හෝ විහිලු කරමින් ඉන්නවා කියන්නෙ අපි ප්‍රාන්තයක් වෙනුවට ඉන්දියාවෙ ගෝත්‍රයක් බවට පත්වෙනවා කියනවා එක.

Chinthana D

(චින්තන ධර්මදාස)

දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ – facultyofsex
vyadhadeva@gmail.com

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *