ජවිපෙ වෛරී දේශපාලනයෙන් ඉවත්විය යුතුයි – රටේ රාළ

May be an image of 4 people, dais and text that says 'ජනතා විමුක්ති மக்கன் விடுதலை LIBER PEOP 20'
පහුගිය 15 දා පලවුන ” මාලිමාව නුසුදුසු වන්නේ ඇයි ” ලිපියෙන් රටේ රාළ කිව්වේ මාලිමාවේ නුසුදුසුකමට ප්රධාන හේතුව එයාලා ඉදිරියට ගෙනියන වෛරී දේශපාලනය කියලයි.මාලිමාව බලය ගත්ත සැනින් කපන,කොටන,මරන පිරිසක් ගැන නාමලේඛන හදාගෙන ඉන්නවා,ඒ ගැන ආසන කමිටු මට්ටම දක්වා කතා කරලා තියනවා.
ඉස්සෙල්ලාම ජවිපෙ ද්රෝහීන්.ඒ කියන්නේ ජවිපෙ හැරගිය අය. ජවිපෙ හැර ගිහින් ජවිපෙ විවේචනය කරන අයට බලය අරන් පැය කීපයකින් දෙවියන් සිහිකරගන්න වෙනවා.ඊළඟ වටය එන්නේ ජවිපෙ මතයට විරුද්ධ මත දරන අයට.ඒක එන්නේ හොරු, දුෂියන් අයින් කළ යුතුයි කියන සටන් පාඨය ඇතුලේ.හොරෙක් දුෂිතයෙක් විදිහට තමයි ජවිපෙ මතට විරුද්ධ අයට අවසන් ගමන් යන්න වෙන්නේ.ඒ වෙනුවෙන් තමයි ජවිපෙ මේ වෛරී දේශපාලනය නඩත්තු කරන්නේ.
මාලිමාව හරහා ජවිපෙ බලය ගැනීම විසින් මේ රටට අත්වන්නේ දැවැන්ත විනාශයක්.ඒ වගේම මේ දක්වා රට පාලනය කරපු කණ්ඩායම් රටට අත්කරලා දීලා තියෙන්නෙත් දැවැන්ත විනාශයක්. වර්තමානයත් විනාශකාරී රටක ජනතාව අනාගතයට ඊටත් වඩා විනාශයකාරී උත්තරයක් නම් තෝරන්නේ ඇත්තටම මේ රටට අබ සරණම තමයි.සමහරු කියන්නේ ජේවීපීකාරයෝ ඇවිත් අපිව මරලා ගියත් කමක් නෑ මුන්ට පාඩමක් උගන්නන්න උන්ට දෙනවා කියලා.
ඒ කියන්නේ ජවිපෙ පතුරුවන වෛරී මතය යම් දුරකට සමාජ මනෝභාවයට ඇතුල් කරලා.රටේ රාළ කියන්නේ මේ දක්වා රට පාලනය කරපු අයගේ සහ මෙතනින් එහාට රට පාලනය කරන්න ලෑස්ති වෙන මාලිමාවේත් ප්රවේශය වැරදියි කියලයි.ඒ දෙකම නොවෙන නව ප්රවේශයක් මේ රටට ඕනි.රටේ රාළ බළකායේ ප්රවේශය කියන්නේ අදූෂිත,අවෛරී සහ රටට අත්යවශ්ය ප්රතිසංස්කරණ සහිත එකක්.මේ දක්වා රටේ රාළ බළකාය කරපු සහ කරන සියලු මැදිහත්වීම් කරන්නේ ඒ පදනමේ ඉදන්.
රටේ රාළ බළකාය මේ වනවිට දේශපාලන පක්ෂ නියෝජිතයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් හම්බවෙලා තියනවා.සමහර සාකච්චා විවෘතව සිද්ධ උනත් තවමත් රහසිගතව පවත්වෙන සාකච්ඡා තියනවා.සජබය සහ ජවිපෙ අය එක්ක කරගන්න සාකච්ඡා රහසිගත මට්ටමක තියෙන්නේ.ඒ අපේ ආරක්ෂාවට වඩා එයාලගේ ආරක්ෂාව වෙනුවෙන්.මේ සාකච්ඡාවල සාධනීය පැති වගේම නිශේධනීය පැතිත් තියනවා.ඒ අය අතරත් මට ඕනි,මට පුඵවන්.
මම තමයි දක්ෂ,මට දුන්නොත් කරනවා කියලා කියන අය ඕනි තරම් ඉන්නවා.ඒ වගේම මේ මොහොතේ රට ගොඩගන්න සාමූහික උත්සාහයක් ඕනි කියන අයත් ඉන්නවා.අරයා එක්ක බෑ. මෙයා එක්ක බෑ කියලා පෞද්ගලික කෝන්තර තියන අයත් ඉන්නවා. සමහරු ජවිපෙට බය වෙලත් ඉන්නවා,ටික කාලයක් නිහඩව ඉන්න ඕනි කියන අයත් හිටියා. කොහොම හරි මේක ගොඩදාන්න ඕනි කියන ධෛර්යය සම්පන්න මිනිස්සුත් හිටියා.ජවිපෙ ගේන්න හදන වෛරී ප්රවේශයත් නොවන ජවිපෙ අනෙකා බවටත් පත් නොකරගත්ත උත්තරයක් මේ ප්රශ්නයට ඕනි.
මෙතනදී පුද්ගල හැකියාවන් රටේ රාළ බඍකාය කිසිසේත්ම අවතක්සේරු කරන්නේ නෑ.හැබැයි සමාජ සංවර්ධනය කියන්නේ තනි පුද්ගලයෙකුගේ හැකියාව නෙවෙයි. ඒක සාමූහික සමාජ ක්රියාවලියක ප්රතිපලයක්.ඉතිහාසය විසින් පුද්ගලයන් නිර්මාණය කරනවා වගේම පුද්ගලයන් විසින් ඉතිහාසය නිර්මාණය කරනවා.නෙල්ෂන් මැන්ඩලා ඉතිහාසයක් ලිව්වා වගේම හිට්ලර්ත් ඉතිහාසයක් ලිව්වා.
ඒ දෙකම ඉතිහාසය උනාට ඒ දෙක දෙකක්.එකක විමුක්තිය තියෙද්දී අනෙකේ තිබුණේ විනාශය. වෛරී දේශපාලනය ඇතුලේ කවදාවත් රටක් සුවපත් කරන්න බෑ.අපේ රටේ තරුණයාට කුඩු ගහන්න වටපිටාවක් හැදුව පාලකයෝම කුඩු අල්ලන මෙහෙයුම් දියත් කරනවා. යුක්තිය මෙහෙයුමෙන් මේ වෙනකොට දසදහස් ගානක් අත්තඩංගුවට අරන්.හැබැයි එතනින් පස්සේ වෙනදේ ගැන ලොකු අවබෝධයක් රටට නෑ.ඇප දුන්නද,ගෙදර ගියාද මොකද කියලා රට දන්නේ නෑ.
ජවිපෙත් බලයට ආවට පස්සේ ඒ විදිහේ මෙහෙයුමකට තමයි ලෑස්ති වෙන්නේ.ජවිපෙ කියන්නේ ආපු ගමන් හොරු ටික අල්ලනවා. ඔක්කොම ඇතුලට දානවා කියලා. ජවිපෙ ආවොත් හිරගෙවල් පුරවන්න වෙනවා.පහුගිය කාලේ ආපු අර්බුදයත් එක්ක,ඒ ආපු අමාරුවට කොනනින් හරි තමන්ගේ ප්රශ්නය විසදගන්න තමයි කවුරුත් උත්සාහ කළේ.මාල කඩන එක, පොකට් ගහන එක. කඩ මංකොල්ල එක,බැංකු මංකොල්ල එක……මේ විදිහට වංචාව,දූෂණය හොරකම තුල මුළු මහත් සමාජයක් කිදා බැහැපු යථාර්ථයක් ඇතුලේ කීදෙනෙක් අත්අඩංගුවට අරන් හිරේ දාන්නද?
ජවිපෙ කියන්නේ අපි ඇවිල්ලා මේ ඔක්කොම නවත්තනවා.ඔක්කොම හිරේ දානවා කියලා.මිහින්තලේ හාමුදුවොත් කියන්නේ ඒ කතාව. ඔය පාත් ඒකේ ගියොත් හිරේ නොදා ඉන්න කවුරුත් ඉතුරු වෙන්නේ නෑ. ඒ තරමට මේ සමාජය එතෙන්ට වැටිලා ඉවරයි.මෙහෙම තියන රටක් කොහොමද හදන්නේ.ඒ වෙනුවෙන් භාවිතා කරන්න හොඳ ආදර්ශයක් දකුණූ අප්රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා දීලා තියනවා.මැන්ඩෙලාට හිරේ දාලා වද දීපු පාලකයන්ට මැඩ්ඩලා උත්තර දුන්නේ වෛරයෙන් නෙවෙයි.
හිරේදී මැන්ඩලාගේ මූනට චූ කරපු කෙනා එක්කවත් මැන්ඩලා වෛරය පිරිමහගන්න ගියේ නෑ.වෛරය වෙනුවට රට ගොඩනැගීම සදහා සියලු දෙනා එකතු කර ගැනීමේ ක්රමයක් ගැනයි මැන්ඩලා හිතුවේ. සුදු ජාතිකයන්ගේ තියන විශේෂ කළමණාකරණ ඥානය නොල්ෂන් මැණ්ඩලා රට ගොඩනගන්න පාවිචිචි කළා,මැන්ඩලා තමන්ගේ හතුරන්ගේ බෙලි කපලා මරලා දාන්න ලයිස්තු හදාගෙන බලයට ආවේ නෑ.මේ රට සුවපත් කරන්න නං ඒ වගේ මානවවාදී දෘෂ්ටියකින් ප්රශ්නය දකින්න පුළුවන් නායකත්වයක් ඕනි.
රටේ රාළ බළකාය මේ ප්රයත්නය දරන්නේ එවැනි පදනමක ඉදගෙන. ඒ පදනමේ ඉදන් කරපු මැදිහත්වීම්වලින් ගිනි ගනිමින් තිබුණ රට නිවන්න යමක් කරන්න පුළුවන් වුනා.අපි තවමත් ඒ මැදිහත්වීම කරමින් ඉන්නවා. සංවිධායක කමක් හරි,ලයිස්තුවට නමදාගන්න එක හරි,මන්ත්රී කමක් හරි,ඇමතිකමක් හරි වෙනුවෙන් රටේ රාළලා මැදිහත් වෙන්නේ නෑ. ඒවා අපට අදත් එපා හෙටත් එපා. අපේ ගමන තේරුම් ගත්ත විශාල බලවේගයක් රටේ රාළ බළකායත් එක්ක සමීපවෙලා තියනවා.
දේශපාලන පක්ෂ වගේම සිවිල් සංවිධාන ගොඩක් එක්කත් අපි දැන් ගනුදෙනු කරනවා.මානුෂීය ක්රම වේද හරහා රට සුවපත් කරන වැඩපිලිවෙලකට අපි යන්න ඕනි. අතීත දේශපාලන භූමිකාවන්වල තිබුණ කතා අරගෙන වෛරය වපුරනවා වෙනුවට මේ හැමෝම එකතු කර ගැනීමේ සාමූහික ක්රමවේදයක් හදාන්න අපි උත්සාහයක් දරනවා.ඒක සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන්.හැබැයි අපේ උත්සාසය වැදරදි නෑ.රටේ රාළ බලකාය ඒ උත්සාහය දිගටම දරනවා.
ඒ උත්සාහයේ ප්රතිපල තියනවා. වෛරී දේශපාලනය වෙනුවට මේ රටට ඕනි අවෛරී දේශපාලනයක්. වෛරයෙන් වෛරය සන්සිදෙන්නේ නෑ.අවෛරයෙන් විතරයි වෛරය සන්සිදෙන්නේ.ජවිපෙ දැන්වත් වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න ඕනි.රටේ මෙච්චර ප්රශ්න තියෙද්දී කපන්න,කොටන්න, ගහන්න,මරන්න එන ජවිපෙයක් මොකටද?රට බංකොලොත් වෙලා තියන වෙලාවේ ජවිපෙ වෘත්තීය සමිති හැසිරුණ විදිහ ඔයාලටත් මතක ඇති.පැවති දේපාලන ක්රමය විසින් රට දාපු අමාරුවටත් වැඩිය ලොකු අමාරුවක දාන්න ජවිපෙ ලෑස්ති වෙනවා.
රට තිබුණ තැනින් ඊටත් වැඩිය නරක තැනකට වැට්ටවීමේ සහ රට අවුල් කිරීමේ කුමන්ත්රණයක් තියනවා.බලය වෙනුවෙන් රට කඩා වැට්ටවීම තමයි ජවිපෙ දැනුත් කරමින් ඉන්නේ.බලය ගත්තට පස්සෙත් ජවිපෙ යන්නේ ඒ පාත් එකේ.88/89 දී දේශපාලන අර්ථයෙන් සන්නද්ධ කරපු ජවිපෙ කොතනින්ද නැවතුනේ කියන්න ඕනි තරම් උදාහරණ ජවිපෙ සන්නද්ධ ඉතිහාසය ඇතුලේ තියනවා.ඒ වගේ ක්රියාකාරීත්වයක් ජවිපෙ විසින් නැවත පෝෂණය කරන කොට ඇත්තටම ඊට එරෙහි එකකුත් පෝෂණය වෙනවා.
ඒක හැදෙන්නේ පලි ගන්න.ඒක නිසා හොරු අල්ලන ටෝන් එකෙන් ඇවිත් ජවිපෙ මේ කරන්න හදන්නේ මහා ව්යසනයක්.ඒ පදනමේ ඉදගෙන කරන දේශපාලන වැරදියි වගේම ම්ලේච්ඡයි.මේ රටට ගැලපෙන උත්තරය තියෙන්නේ හැමෝම එකඟ වුන සාමුහික උත්සාහයක් ඇතුලෙයි.හොරකම් මැරකම් කරපු කෙනාට උනත් නිවැරදි වීමේ වැඩපිලිවෙලක් ඇතුලට මේ රට ගන්න ඕනි.රටේ නීතිය ක්රියාත්මක කරනවා මිස ජවිපෙ නීතිය අතට ගැනීම වැරදියි. මේ රට ගොඩනගන්න ඕනි,ඒකට කැප වෙන්න ඕනි කියන හෘද සාක්ෂිය අවධි කරන වැඩපිලිවෙලක් ඕනි.
1994 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය නිර්මාණය වෙද්දී ඒ හෘද සාක්ෂිය ජනතාවට ආවා.හැබැයි එදත් ජවිපෙ අද ඉන්න නායකයන් ඇතුලේ තිබුණ වෛරී දේශපාලනය විසින් ජවිපෙ සාධාරණ හේතුවක් නැතිව එතනින් පැනලා ගියා. නැවතත් මේ රටේ ජනතාවගේ ඒ හෘද සාක්ෂියට කතා කරන වැඩපිලිවෙලක් අවශයයි,ඒ වෙනුවෙන් සාමූහික පියවරක් තියන එක කාගේත් වගකීමක්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 4 people, dais and text that says 'ජනතා විමුක්ති மக்கன் விடுதலை LIBER PEOP 20'

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *