|

ආර්ථිකය දැන් ස්ථාවරයි – මුදල් ප්‍රතිපත්ති වාර්තාව ඉදිරිපත් කරමින් මහ බැංකුව කියයි

 

උද්ධමනය පාලනය වී ආර්ථිකය ස්ථාවර වී ඇති බව  ශ්‍රී ලංකා මහ බැංකුව 2024 පෙබරවාරි මාසයේ  මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශ කොට ඇත.

තාවකාලිකව මදක් ඉහළ යා හැකි උද්ධමනය දිගු කාලීනව සියයට 5 මට්ටමේ ස්ථාවර වනු ඇති බවත්, පසුගිය වසර වල පැවති ඍන ආර්ථික වර්ධනය වෙනුවට මෙම වසරේ ධන ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බවත් එම වාර්තාවෙන් කියයි.

ආර්ථික වර්ධනයට ඇතිවිය හැකි විවිධ අභියෝග මෙන් ම අවස්ථා ගැන ද වාර්තාවේ කරුණු දක්වා ඇත.

පසුගිය වසරේ සම්මත කළ 2023 අංක 16 දරන නව මහ බැංකු පනත යටතේ වසරකට දෙවරක් මෙබඳු වාර්තා ඉදිරිපත් කිරීමට මහ බැංකුවට නියම කර ඇත.

මෙම වාර්තාව මගින් මෑත කාලීන මුදල් ප්‍රතිපත්ති තීරණ සඳහා මූලික වූ පසුබිම සන්නිවේදනය කිරීම තුළින් මහ බැංකුවේ විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීමට මහ බැංකුව ප්‍රයත්න දරන බව මහ බැංකුව කියයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *