ජනපති මරන් කන්න ආ මහකනදරා ජනතාව සාකච්ඡාවෙන් පසු සන්සුන්ව විසිර යති

 

මහකනදරා වැවෙන් ජලය ලබාගෙන ක්‍රියාත්මක කෙරෙන අනුරාධපුර උතුර පානීය ජල ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් අද උදෑසන විරෝධතා දක්වමින් ජනාධිපතිට අපහාසාත්මක ලෙස බැන වදිමින් සිටි ජනතාව ඔවුන්ගේ නියෝජිත පිරිසක් සමග ජනපති කළ සාකච්ඡාවෙන් පසු සන්සුන් ලෙස විසිර ගියෝ ය.

ගොවීන් විරෝධය ප්‍රකාශ කළේ පානීය ජල ව්‍යාපෘතිය නිසා තම ගොවිබිම්වලට ජලය මදිවන බව පවසමිනි.

උද්ඝෝෂණ කළ ගොවි නියෝජිතයින් 19 දෙනෙකු සමග සාකච්ඡා කරමින්, 2013 සිට ආරම්භ කොට මුදල් වියදම් කොට ඉදිකළ ව්‍යාපෘතිය දැන් නැවැත්විය නොහැකි බව කී ජනාධිපති තුමා ප්‍රදේශයේ වකුගඩු රෝග පාලනය සඳහා පානීය ජලයේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේ ය. ගොවිතැනට වතුර දීමට ප්‍රමුඛත්වය දෙමින් සියලු පාර්ශව සාකච්ඡා කොට ප්‍රශ්නය විසදා ගන්න ලෙස ඉල්ලා සිටි ජනාධිපතිතුමා ප්‍රශ්නයට දැනට දිය හැකි විසදුම් ද පෙන්වා දුන්නේ ය.

සාකච්ඡාවෙන් පසු ගොවි නියෝජිතයින් ප්‍රකාශ කළේ ප්‍රශ්නයට තාවකාලික විසදුමක් ජනාධිපතිතුමාගෙන් ලැබුණු නමුත් විසදුම් ක්‍රියාත්මක නොකළහොත් තමන් නැවත උද්ඝෝෂණ කරන බව යි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *