මාලිමාව නුසුදුසු වන්නේ ඇයි? – රටේ රාළ

May be an image of 3 people, beard, dais and text
” මාලිමාවේ වර්ධනය ඇත්තක්ද,බොරුවක්ද ” ලිපියෙන් රටේ රාළ මාලිමාවේ වර්ධනය ගැන විග්රහක් කළා.ඒකෙන් ජවිපෙට සහ රටට තියන අනතුර ගැනත් කිව්වා. ලාංකීය සමාජය ඇතුලේ දේශපාලනික වශයෙන් ඇතිවෙලා තියන නව පිඹිදීම ගැනත් කිව්වා. ඇත්තටම ප්රශ්නය තියෙන් දේශපාලනයට සංවේදී ජනතාවක් නිර්මාණය වීම නෙවෙයි.ගැටළුවට උත්තර සෙවීමේදී ජනතාව අදේශපාලනික වීමයි.
ඒක නිසා මේ දේශපාලන සවිඥානිකකම අවිඥානිකකම ගැන අවධානයක් හදාගන්න එක හොඳයි.ඔයාලා අහලා ඇති කතාවක් තියනවා දේශපාලනයෙන් තොරව කිසිමදෙයක් නෑ කියලා. සියල්ල දේශපාලනිකයි කියලා.ඒ අනුව ගත්තම දේශපාලනයෙන් තොරව ජීවිතයක් කාටවත් නෑ.ඒ කියන්නේ අපට තියන හැම ප්රශ්නයකටම දේශපාලනය අදාලයි.
අපි ස්වාධීනයි,අපි හම්බ කරගත්තොත් අපට කන්න පුළුවන්. ඔය වගේ මතවාද තිබුණ සමාජයක් තමයි අපි ඉස්සරහා තිබුණේ. එතනිනුත් එහාට ගිහින් අපි එනකොට අරගෙන ආපු පින් පව්වලට අනුව තමයි සියල්ල සිද්ධ වෙන්නේ කියන මිත්යා මත අමුවටම මුල් බැහැගත්ත සමාජයක් තමයි තිබුණේ.කර්මයට අනුව තමයි සියල්ල සිද්ධ වෙන්නේ කියන මතවාදවලින් මිනිස්සු ඔළු පුරෝගෙන හිටියා.
තවමත් එහෙම ඉන්න පිරිසක් ඉන්නවා.හැබැයි ඒ තිබිච්චි කඩතුරාවන් සියල්ල කුඩුපට්ටන් කරන්න අපේ රටේ නිර්මාණය වෙච්චි ආර්ථික,දේශපාලන සහ සමාජ අර්බුදය සමත්වෙලා තියනවා.එතනදී දේශපාලනික ක්රියාමාර්ගවලින් තමයි මේ ප්රශ්නයට උත්තර හදන්න ඕනි කියන තැනකට ජනතාව මතවාදීව ඇවිත්.මීට ඉස්සෙල්ලා අපිට කන්න බොන්න නැති වෙනකොට,දරුවෝ ඉස්කෝලෙට යවා ගන්න බැරි වෙනකොට ඒක කර්මය වෙද්දී රාජපක්ෂ පැටව් රජ සැප විදින එක වාසනාව කියලා විග්රහ වුනා.
ඔයාලා ඒ කරුමේ ගෙවා ගන්න නැකත් බැලුවා.අපලේ ගෙවෙන දවස බැලුවා.අපල කාලය ගෙවෙන්න මෙච්චර කාලයක් යනවා.එතනින් පස්සේ තමයි මේ කාලකණ්නිකම ඉවර වෙන්නේ කියලා ගණන් හැදුවා.ඒවයි හම්බ කරන තවත් තක්කඩියෝ ටිකක් මේ සමාජයේ හිටියා වගේම තවමත් ඉන්නවා.හැබැයි මේ සියලු මතිමතාන්තර සියල්ල බොරු බවට පත්කරන්න මේ අර්බුදය සමත් වෙලා තියනවා.
ඒක ඇතුලේ ජනතාව ගෝඨාභය කරපු වැඩ, මහින්දලා කරපූ වැඩ, දේශපාලනඥයෝ කරපු වැඩ, හොරාකාපුවා,රට බංකොලොත් කරපුවා සියල්ල දේශපාලන ක්රියාකාරකම් බව ජනතාව තේරුම් අරන් තියනවා.ඒ හින්දා රටත් ජනතාවත් මෙතනින් ගලවගන්න නම් දේශපාලනික උත්තරක් ඕනි කියන එක දැන් ජනතාවට තේරිලා ඉවරයි.ඒක කවුරුවත් උගන්නපු දෙයක් නෙවෙයි.
මේ වෙච්චි අලකලංචි ඇතුලේ ජන මනසට ස්වේච්ඡාවෙන් ඇතුළු වෙලා තියන සත්යයක්.මේ සිදුවීම් දාමය විසින් ජනතාව දේශපාලන වශයෙන් සංවේදී තැනකට ගෙනත් තියනවා,ඒ මතවාදයෙන් අලුත් වෙච්චි සමාජයක් තමයි දැන් තියෙන්නේ.ඒක නිසා දන් සමාජයේ ඉන්න මිනිස්සු ප්රශ්නයට දේශපාලන උත්තරයක් හොයනවා.එතනදී තමයි මාලිමාවේ මතවාදයට ඉඩක් හැදිලා තියෙන්නේ.
ජවිපෙට මෙතෙක් කල් නොතිබුණ ආකර්ශණයක් ආවේ ඒ එක්ක.ඒ ආකර්ෂණයත් එක්ක තමයි ජනතාවට මාලිමාවේ වේදිකා බලන්න,මාලිමාවේ නායකයෝ හම්බ වෙන්න,මාලිමාවේ ක්රියාකාරකම්වලට සම්බන්ධ වෙන්න ඕනි කියන මනෝභාවයක් හැදිලා තියෙන්නේ.මේ දේශපාලන ධාරාවේ ජනතාවට වින කරපු හතුරන්ට attack කරන කණ්ඩායම ඉන්නේ මාලිමාවේ.
හැබැයි මුලින්ම මේ නව රැල්ල මතුවෙන්නේ මාලිමාවෙන්වත්, ජවිපෙන්වත් නෙවෙයි.මුලින්ම ඒ හඩ ආවේ ගෝල්ෆේස් අරගල භූමියෙන්.හැබැයි ඒක ගෝල්ෆේස් අරගල භූමියෙන් එලියට ගේන්න එයාලට යාන්ත්රණයක් තිබුණේ නෑ.යාන්ත්රණයක් හදා ගන්න තරම් දේශපාලන සවිඥානිකමක් ගොල්ෆේස් අරගලකරුවාට තිබුණේ නෑ.පෙරටුගාමින්ටත් එහෙම යාන්ත්රණයක් නෑ. අන්තරේටත් යාන්ත්රණයක් තිබුණේ නෑ.
ඒ අරගලයෙන් හැදුණු මතවාදී වාසිය තමන්ගේ අයිතිය යටතේ පොලොවට ගෙනියන්න ජවිපෙට හැකිවුනා.ඒ ජවිපෙට මහ පොලොව දක්වා යාන්ත්රණයක් තිබුණ හින්දයි.අද ඒකේ වාසිය ජවිපෙටත් හොරා මාලිමාව ඩැහැගෙන තියනවා, ඒක ඇතුලේ මාලිමාව පෙන්වමින් ඉන්නේ අපිට තමයි ජනතාව ඉල්ලන දේශපාලන උත්තරය හදන්න පුළුවන් කියලා. එකම විසදුම මාලිමාව කියලා හැදෙන්නේ එහෙම.ඒක තමයි මේ නිශ්චිත මොහොතට අදාලව සමාජයමය brand එක.
මාලිමාව ඒ මතය පොෂණය කරන්නේ එයාලට බලය ගන්න පුළුවන් කියන මතවාදත් එක්ක. හැබැයි තර්කානුකූල ගත්තොත් මාලිමාව මේ සිද්ධ උන ක්රියාවලිය ඇතුලේ බලය ගැනීමේ කියන කාරණයට අවශ්ය සුදුසුකම් සම්පුර්ණ කරලා නෑ. ඒක නිසාම ජවිපෙට බලය ගන්න බෑ කියලා දැනගත් සැනින් මේ බලවේගය වික්ෂිප්ත වෙනවා.ඒ වික්ෂිප්ත විම ඇතුලේ අනිවාර්යයෙන්ම සමාජය තවත් දියුණු තැනකට ගමන් කරන්න ඕනි.
ජනමනස තවත් වඩා දියුණු විඥානයක ඩවක් වෙත ලගා වෙන්න ඕනි.එතනදී තමයි රටේ රාළලා කියන රට නැගිට්ටවන්න ඕනි සාමුහික පියවර කියන එක ජනමනසට වැටෙන්නේ.ඒ අවකාශය ලගදීම ජනමනස ඇතුලේ හැදෙනවා.හැබැයි රටේ රාළට ප්රශ්නය තියෙන්නේ එතන නෙවෙයි.ඒ අවකාශය අත්පත් කරගන්න පුළුවන් වැඩපිලිවෙල සහිත සමාජ ව්යාපාරයක් නිර්මාණය කරන්න පුළුවන් වෙයිද කියන එක ගැනයි.
ඇත්තටම රටේ රාළ බළකාය ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙනවා.හැබැයි ඒ උත්තරය හදන්න ලාංකීය සමාජය අපොහොසත් උනොත් මේක ආයෙත් කොතනින් කෙලවර වෙයිද කියන්න බෑ,ඒක නිසා රට ආර්ථික සහ දේශපාලන වශයෙන්ම දියුණු තැනකට ගෙනියන්න ඕනි ප්රතිසංස්කරණ ටිකට වහාම යොමු වෙන්න ඕනි.ඒ ප්රතිසංස්කරණවලට ඕනි කරන මතවාදීමය සහ සංවිධාන වැඩපිලිවෙල ඉක්මනින්ම සම්පුර්ණ කරගන්න ඕනි.
මේ අර්බුදය හරියට විග්රහ කරගෙන හරියට වැඩේ තෝරන කණ්ඩායමකට තමයි මේ සන්ධිස්ථානය පියමං කරන්න පුළුවන්.එතැනට මාලිමාව පත් නොවෙන්නේ මාලිමාවේ තියන ගෝත්රික ලක්ෂණ සහ ජවිපෙ තියන ගෝත්රික ලක්ෂණ හින්දයි.බලය ගත්ත ගමන් කරන්න ඕනිදේ විදිහට ජවිපෙ මරන්න ලිස්ට් එකක් හදාගෙන ඉන්නවා.ජවිපෙ දිස්ත්රික් කටිටු සාමාජිකයෝ ඒ කතාව ප්රසිද්ධියේ කියනවා.
ජවිපෙට දැන් සමාජ සංවර්ධන ක්රියාවලිය අමතකයි.ඒ තරමට වෛරී දේශපාලනයෙන් ජවිපෙ ඉස්මුරුත්ත වෙලා.ජවිපෙට වඩා රටේ රාළලා වෙනස් වෙන්නේ ඔතනින්.ජවිපෙ පරාජය වෙච්චි වෙලාවක ජවිපෙට කවුරු හරි හිරිහැර කරන්න හදනවා නම් අපි ඒකට විරුද්ධ වෙනවා වගේම නිශ්චිත ඒ උත්සාහය පරාජය කරනවා.ඒක නිසා මේ සන්ධිස්ථානය ජය ගන්න පුළුවන් අවෛරී වැඩපිලිවෙලක් සහිත සංවිධානාත්මක බලවේගයකට විතරයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 3 people, beard, dais and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *