මාලිමාවේ වර්ධනය ඇත්තක්ද, බොරුවක්ද? – රටේ රාළ

May be an image of 1 person, smiling and musical instrument
ජාතික ජන බලවේගය මේ දවස්වල අති සාර්ථක රැස්වීම් වටයක් කරගෙන යනවා.ගිය එකොලොස් වෙනිදා අනුරාධපුර දිස්ත්රික්කයේ මාලිමාවේ කාන්තා සමුළුව තිබුණා. ජවිපෙ මැතිවරණ ඉතිහාසයේ අනුරාධපුර දිස්ත්රික්කයේ පවත්වපු මැතිවරණ ප්රචාරක රැලිත් එක්ක සන්සන්දනය කරද්දී මාලිමාවේ අනුරාධපුර කාන්තා සමුළුවට සුවිශේෂ තැනක් හිමිවෙනවා.
රැස්වීමට පුටු 5000 ක් විතර දාලා තිබුණා.ඊට අමතරවල තවත් 2000/3000 ක් විතර කාන්තාවෝ හිටගෙන හිටියා.මේ කාන්තාවෝ ටික රැස්වීමට එක්කරගෙන ආපු පිරිමි ටික එළියේ හිටියා.එතනත් 2000/3000 ක් විතර ඇති.මේ ඔක්කොම ගත්තම ඒක දහ දාහක විතර දැවැත්ත රැළියක්.මාලිමාවේ මේ රැළි මාලාව දැකලා ගොඩක් අය බය වෙලා.
රටේ රාළ පහුගිය ලිපිවලින් කිව්වේ සජබයට බරපතල විදිහට පොලොවේ බලය අහිමිවෙමින් තියනවා කියලයි.සජබයට ලොකු භූමි දොෂයක් ඇවිත්.ආණ්ඩුවත් සැලකිය යුතු බයවීමක ඉන්නවා. ඇත්තටම මොකද්ද මේ මාලිමාවේ පිඹිදීම.ඉස්සෙල්ලාම ඒක ලෙහා ගත්තා නම් හරි.ඊට පස්සේ ඒකේ අවසන් ප්රතිඵලය මොකද්ද කියලා බලන්න පුළුවන්.ඒක පැහැදිලි කරන්න රටේ රාළ උදාහරණය විදිහට ගන්නෙත් අනුරාධපුර මාලිමා කාන්තා සමුළුව.
රටේ රාළට කරන මේ විග්රහ හරිද වැරදිද කියලා රැස්වීමට ගිය අයට හිතාගන්න පුළුවන්.ඒ වගේම මේ සම්බන්ධව තියන බුද්ධි අංශ වාර්තා පදනම් කරගෙන ආණ්ඩුවටත් රටේ රාළ කියන්නේ ඇත්තද බොරුද කියලා චෙක් කරගන්න පුළුවන්.මේ තමයි රටේ රාළ බළකායේ බුද්ධි අංශ වාර්තාව මත පදනම් වෙන විග්රහය.11 වෙනිදා සල්ගාදු පිටියේ වේදිකාව දිහා බැලුවම අනුරගේ කතාව යට කරගෙන කාන්තා හඩවල් ගණනාවක් මතුවුනා.
ඒ දෝංකාරය තමයි මේ රට පුරා කාන්තාවන් අතර රැව්පිලි රැව් දෙන්නේ.මේ කාන්තා සහභාගීත්වය ඇතුලේ අලුත් හඩක්,අලුත් නියෝජනයක් තියනවා.රට දන්නේ නැති,ප්රසිද්ධ නැති ආචාර්ය, මහාචාර්යවරියෝ,නීතිඥවරියන්,තරුණ කාන්තාවෝ ගොඩ දෙනෙක් රැස්වීම ඇමතුවා.ඒ කතාවල අලුත් පිඹිදීමක් තියනවා.අපේ රටේ කොන් කරලා තිබුණ කාන්තා හඩ ප්රසාරණය වෙන වේදිකාව බවට දැන් මාලිමා වේදිකාව පත්වෙලා.
මෙතන නොසලකා හරින්න බැරි වෙනසක් තියනවා.මේ තත්වය තව දුරටත් පැවතුනොත් පස්සෙන් එලවාගෙන ගිහින් අල්ලන්න බැරි වේගයක් මාලිමාව ගන්නවා.ඒක දැනටමත් විවිධ ස්ථරවලට දැනෙනවා ඇති.රටේ රාළ ඒ කියන සිමාව පැන්නට පස්සේ තමයි රැල්ල හැදෙන්නේ.ඊට පස්සේ නම් ඒක නවත්තන්න බෑ.ඒක හින්දා අනිත් කදවුරුවල අයත් මේ පළල් වෙන මහජන පිඹිදීමට ඇඩ්රස් කරන්නේ නැතිව බොරු බයිලා කිය කියා හිටලා නං වැඩක් වෙන්නේ නෑ.
මෙතන ප්රශ්නය මොකද්ද කියලා සමාජ විද්යාත්මකව බැලුවොත් පහුගිය වකවානුවේ අපේ රටේ සිද්වුන ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදය ඇතුලේ රටේ ජන විඥානයේ ලොකු දේශපාලන පිඹිදීමක් ඇතිවෙලා තියනවා.ඒ පිඹිදීම විසින් අලුත් දේශපාලන කියවීමක් ඉල්ලා සිටින සමාජයක් නිර්මාණය වෙලා.අලුත් පාරවල් හොයන පිරිසක් නිර්මාණය වෙලා.
තිබුණ ඒවා ගැන විශ්වාස බිඳ වැටිලා,ඒවා ප්රතික්ෂේප වෙලා. දැනට විශ්වසනීය කණ්ඩායම බවට ජවිපෙ පත්වෙලා තියනවා කියලා කියන්නත් බෑ.මොකද ජවිපෙ සම්බන්ධවත් මේ රටේ ජනතාව තුල පැහැදිලි විශ්වාසයක් නෑ.ඒක නිසා ඔයාලට පේනවා ඇති මේ හැම වේදිකවකම ජවිපෙ හංගලා මාලිමාව ලොකුවට මතුකරලා තියනවා.මාලිමාවේ මේ ජවිපෙ ආක්රමණයේදී ආචාර්ය හරිනිගේ දෘෂ්ටිමය මඟ පෙන්වීම සෑහෙන බලපෑමක් කරලා තියන බව පේනවා.
ජවිපෙ වේදිකාවල තිබුණ සමහර නාමකරණයන් පවා වෙනස් කරලා. හරිනිගේ මේ කන්ෂෙප්ට් එකට ජවිපෙ දේශපාලන මණ්‌ඩලයත් වේගයෙන් ඇබ්බැහිවෙමින් ඉන්නවා.ඒකේ පළවෙනි ගොඳුර බවට පත්වෙලා තියෙන්නේ ලාල් කාන්ත.ලාල් වේලාසනින්ම හරිනිගේ දෘෂ්ටියට අනුගත වෙලා. ඒවට තව වෙන හේතුත් තියෙන්න පුළුවන්.
ඒ වගේම මේ බලවේගය දැන් ජවිපෙට කොන්ට්රෝල් කරන්න බෑ. මාලිමාවට භූමියේ ජයග්රහණ පෙන්නනකොට ඒක ඇතුලට වෙනස් මතවාද ඔබන්න බෑ.මේ ප්රශ්නය ඉස්සරහා ටිල්වින්ලත් ඉන්නේ ලොක් වෙලා.ජවිපෙ සහ පෙරටුගාමීන් වෙන් වෙද්දී ටිල්වින් ලොක්වෙලා හිටියෙත් ඔහොමයි. ටිල්වින් විතරක් නෙවෙයි ජවිපෙ භූමිකාවම මාලිමාව ඉස්සරහා සම්පුර්ණයෙන්ම ලොක් වෙලා.
මේක ඇත්තටම අයාලේ යන ජයග්රාහී ගමනක්. ආපහු මේ ගමන නියම ට්රැක් එකට ගන්න පුළුවන් දක්ෂයෙක් දැන් ජවිපෙ ඇතුලේ නෑ. දැන් සියලු දෙනා කරන්නේ මාලිමාවේ ජයග්රහණය පස්සේ දුවන එකයි.රටේ රාළ කියන්නේ ජයග්රහණය කියලා එයාලා හිතන දේම තමයි විනාශයට පදනම දාන්නේ.මේ යන වේගයෙන්ම මාලිමාව ගිහින් තාප්පේ හැපෙනවාම තමයි.එතකොට තමයි බලන්න වෙන්නේ එක්සිඩන්ට් එකේ තරම කොච්චරද කියලා.බලය අරන් නං ඒ එක්සිඩන්ට් එක වෙන්නේ ඩැමේජ් එක අපට හිතාගන්න බැරි එකක් වෙයි.
මාලිමාවේ මේ වේගයත් එක්ක ගොඩක් අයගේ ඇස් නිලංකාර වෙලා.සමහරු බයේ ඒ රැල්ලේ පීනන්න හදනවා.තවත් සමහරු ආරක්ෂිත තැන් හොයනවා.හැබැයි මේ අනතුර දකිමින් ඒක වෙනස් කරන්න බලවේග පෙල ගැහෙන්නේ නෑ.කිසිම හේතුවක් නොදැන රැල්ලට දුවන සමාජය තවම වෙනස් වෙලා නෑ.මේ රටේ අපි පහුකරගෙන ආපු ඉතිහාසය ඇතුලේ සිද්ධ වුන දේවල් ගැන දැන් මේ රටේ ජනතාවට කියවීමක් තියනවා.
එයාලා දන්නවා අපේ රට බංකොලොත් උනේ සහ ඒ බංකොලොත්කම ඇතුලේ සිද්ධ වෙච්චි විනාශයට වගකියන්න ඕනි මේ රටේ පවතින දේශපාලනය කියලා.ඒවා ස්වභාවික විපත්වලින් සිද්ධ වෙච්චි විපත් නෙවෙයි කියලත් ජනතාව දන්නවා.ඒක නිසාම ජනතාව මේ ප්රශ්නයට දේශපාලනිකව උත්තරයක් හොයනවා.එතකොට එයාලට හම්බ වෙන ලගම කණ්ඩායම තමයි මාලිමාව.ඇත්තටම මේ අර්බුදයට හේතුව දේශපාලනය කියලා දැන ගත්තත් අර්බුදයට උත්තරය කොහොමද හොයන්නේ කියලා ජනතාවට අවබෝධයක් නෑ.
එයාලා කරන්නෙත් තවත් කණ්ඩායමක් පස්සේ දුවන එකයි. රැලි පස්සේ දුවන එකයි.හැබැයි මේ කිසිම කෙනෙකුට වැඩපිලිවෙලක් නෑ.මාලිමාවටත් වැඩපිලිවෙලක් නෑ.එයාලා කළමණාකරණ කරන්නේ ජනතාව ඇතුලේ තියන කේන්තිය.ඒක එයාලා වෛරයක් බවට පත් කරලා.මාලිමාව බලය ගත්ත ගමන් ජවිපෙ දිස්ත්රික් කම්ටු දක්වා කපන කොටන සාකච්චාව ඇවිත්.එයාලගේ වැඩපිලිවෙලත් පලිගැනීමම තමයි.දැන් එයාලා ඒක ප්රසිද්ධියේ කියනවා.
ඇත්තටම මෙතනින් එහාට රට ගොඩනගන නිවැරදි වැඩපිලිවෙලක් සහිතව ව්යාපාරයකට විතරයි මාලිමාවේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන්.දැන් මාලිමා කෝවට බැහැපු පිරිසක් ඉන්නවා.හැබැයි තවමත් මේ රටේ අති බහුතර ජනතාවක් තමන්ගේ ඡන්දය සම්බන්ධව අවසන් තීරණය අරන් නෑ.සමහරවිට එයාලා මාලිමාවේ වේදිකාව ලගටත් ගිහින් බලනවා ඇති.
නිවැරදි වැඩපිලිවෙලක් එක්ක රට හමුවට එන බලවේගයකට තවමත් ඒ අවස්ථාව විවෘතව තියනවා.මේ තත්වය යටතේ දේශපාලන කරන කවුරුත් මේ ගැඹුරු කතාව ඉගෙනගෙන වැඩේට එනවා නං තමයි හොදයි.එහෙම නැතිව පුද්ගල චරිතවලට,මුදල් බලයට මේපාර නං ගේම ගහන්න බෑ. රාජපක්ෂලා කර තියාගෙන යන කිසි කෙනෙකුට අවස්ථාව නෑ.දැන් මේ රට ඉල්ලන්නේ නිවැරදි වැඩපිලිවෙලක් සහිත සංවිධානාත්මක මෙහෙයුමක්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 1 person, smiling and musical instrument

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *