වර්ජිත සෞඛ්‍ය සේවකයන්ට දිගටම ගෙදර ඉන්නැයි කියයි; එම සේවා පුද්ගලික අංශයට දෙන්න යෝජනා !

වැඩ වර්ජනයක යෙදී සිටින සෞඛ්‍ය වෘත්තීය සමිතිවල සේවකයන් දිගටම තම නිවසේ රැඳී සිට එම වර්ජනය කරගෙන යන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ඉල්ලා සිටී.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ රජයේ රෝහල්වලට සුළු සෞඛ්‍ය සේවකයන් පත් කිරීමෙන් රජය සැලකිය යුතු මට්ටමේ වරදක් කර ඇති බවය.

විදේශ රටවල සෞඛ්‍ය සේවාවල මෙම කටයුතු සිදු කරන්නේ පෞද්ගලික සමාගම් වලින් බවත් පවසන ඔහු මෙම කාර්යයන් රජයේ සේවයක් බවට පත් කිරීම රජයෙන් සිදුවූ සැලකිය යුතු වරදක් බවද පෙන්වා දෙයි.

දේශපාලනඥයන්ට මැතිවරණ වලට සහයෝගය ලබාදුන් පුද්ගලයන් මෙසේ පත්කර ඇත්තේ ඔවුන් තෘප්තිමත් කිරීම සඳහා බවද හෙතෙම කියා සිටියේය.

මෙතරම් පුද්ගලයන් සෞඛ්‍ය සේවයට පත් කිරීම හරහා රජයට කිසිදු මුල්‍යම වාසියක් අත් කරන දී නැති බවත් ඒ වෙනුවට එහි ප්‍රතිවිපාක රජයට වඩා ජනතාවට අහිතකර ලෙස දැනෙමින් ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

lanka C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *