නව බඳවාගැනීම් නැහැ ; හමුදාව අඩකින් අඩු කරයි

 

නව බඳවාගැනීම් නතර කර හමුදා බලය මේ වසර අවසානයේ තුනෙන් එකකින් සහ 2030 වනවිට අඩකින් අඩු කිරීමට කටයුතු කරමින් සිටින බව ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.

යුද හමුදාවේ අනුමත පිරිස් බලය 200,783 ක් වුව ද මේ වන විටත් එය 150,000 ට ආසන්න වන තත්ත්වයට අඩු කොට ඇතැයි කියති. මේ වසර අවසානය වන විට එම සංඛ්‍යාව 135,000 දක්වා අඩු කිරීමට සැලසුම් කොට ඇත.

2030 දී එහි පිරිස් බලය 100,000 දක්වා අඩු කිරීමට සැලසුම් කොට ඇත.

නාවික හමුදාවේ දැනට සිටින 40,000 පිරිස 35,000 දක්වා අඩු කිරීමට සැලසුම් කොට ඇත. විශ්‍රාම යන පිරිසට අඩු පිරිසක් අලුතින් බඳවා ගැනීම මගින් ඉම ඉලක්කය ළඟ කරගත හැකි බව කියති.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 35,000 කට සීමා කිරීමට තීරණය කොට ඇත. එහි දැනටමත් සිටින්නේ ඊට වැඩ අඩු පිරිසකි. එබැවින් බඳවාගැනීම් දිගටම සිදු කරනු ඇත.

පිරිස් බලය අඩු කළ ද නවීන තාක්ෂණයෙන් යුතු හමුදාවක් නිර්මාණය කිරීම තම අරමුණ බව ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා කියයි.

මෙය රජයේ වියදම් අඩු කිරීමේ පියවරක් ලෙස ක්‍රියාත්මක ය. විශාල හමුදාවක් නඩත්තු කිරීමට මහජන බදු මුදල් යෙදවීම නවතා වියදම් අවම කිරීම මෙහි අරමුණ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *