මාලිමා ආණ්ඩුව පුද්ගලික කැම්පස්වලට විරුද්ද නෑ ; මගේ දුවත් ඉගෙන ගත්තේ ඒකක .; දැන් ඒකකම උගන්වනවා – ලාල් කාන්ත

 

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පෞද්ගලික විශ්ව විද්‍යාල වසා නොදමන බව එහි විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

රජය මැදිහත්විය යුත්තේ අධ්‍යාපනයේ ප්‍රමිතිය මැන බැලීමට පමණක් බවද අධ්‍යාපනයෙන් ලබාගත නොහැකි පිරිස සොයාබැලීම රජයේ රජයේ වගකීමක් ලෙස සලකන බවද ඔහු කියා සිටියි.

තම දියණිය පුද්ගලික විශ්ව විද්‍යාලයකින් අධ්‍යාපනය ලැබූ බවත් ඇය මේ වන විට පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගැන්වීම් කටයුතුවල ද නිරත වන බවත් ඔහු පවසයි.

කිසිවෙකුට ආර්ථික තත්ත්වය නිසා අධ්‍යාපන කටයුතු කළ නොහැකිනම් ඊට රජය මැදිහත් විය යුතු වුවත් අධ්‍යාපනයට ආර්ථිකය බාධාවක් නොවන පුද්ගලයන්ට රජය මැදිහත්වීමක් අනවශ්‍ය බවද ඔහු තවදුරටත් කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.

 lanka C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *