ඔන්ලයින් පනතට සංශෝධන 47 ක් කැබිනට් මණ්ඩලයට

 

මාර්ගගත  ක්‍රමවල සුරක්ෂිතතාව පිලිබඳ පනතට සංශෝධන 47 ක් හෙට කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

පනතේ ඇති ඇතැම් දුරවලතා නිවැරදි කිරීමත්, විපක්ෂය ඇතුළු විවිධ කණ්ඩායම්වල අදහස් ඇතුලත් කිරීමත් මෙම සංශෝධන පනත මගින් කිරීමට නියමිත ය.

මෙම ඇතැම් සංශෝධන පනත සම්මත කරන්නට පෙර සිට සුදානම් කොට තිබු නමුත් ඒ වන විට පනත ශ්‍රේෂ්ටාධිකරණයේ සලකා බලා අවසන්ව තිබු බැවින් මෙම සංශෝධන වෙනම පනතකින් ඉදිරිපත් කරන බව රජය ප්‍රකාශ කළේය.

මෙම සංශෝධන පනත ඉදිරිපත් කළ විට එය ද ශ්‍රේෂ්ටාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව විපක්ෂයට , සහ සියලු පුරවැසියන්ට ලැබෙන බව රජය පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *