ශ‍්‍රී ලංකාවේ කොමිනියුස්ට් පක්‍ෂය ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඉවත්වේ!

ශ‍්‍රී ලංකාවේ පැරණිතම වමේ පක්‍ෂයක් වූ ශ‍්‍රී ලංකා කොමිනියුස්ට් පක්‍ෂය මහින්ද රාජපක්‍ෂගේ ජාතිවාදී පරාදීන ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇතැයි පක්‍ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
සිය දේශපාලන ඉතිහාසයේ වරින් වර විවිධ පක්‍ෂ සමග සංධාන ගත වූ කොමිනියුස්ට් පක්‍ෂය  අවසාන වශයෙන් සංධාන ගත වූයේ පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සමගය. මහින්දගේ ජාතිවාදී, නරුමවාදී දේශපාලනයත් සමග කොමිනියුස්ට් පක්‍ෂය අනුගත වීමට විරුද්ධ වූ කොමිනියුස්ට් පක්‍ෂයේ ප‍්‍රගතිශීලී කණ්ඩායම පසුගිය ජනාධිපති මැතිවරණයේ දී පක්‍ෂයෙන් ඉවත්ව, අනෙකුත් වාමාංශික පක්‍ෂ හා ප‍්‍රගතිශීලින් එක්ව ‘වමේ පෙරමුණ’ නමින් නව සංවිධානයක් ඇති කරගන්නා ලදී.
එම ප‍්‍රගතිශීලින් කණ්ඩායම කඩාගෙන යාමත් සමගම පක්‍ෂයේ ජවය, ශක්තිය හා පිළිගැනීම නැත්තටම නැති විය. පරාජිත මහින්ද පිළ සමග වැඩ කිරීම ගැන බුද්ධිමතුන් ඇතුළු විවිධ සමාජ ක‍්‍රියාකරිකයින්ගේ  දෝශාරෝපනයන්ට දිගින් දිගටම මුහුණ දීමට කොමිනියුස්ට් පක්‍ෂයට සිදු විය. මේ පිළිබඳව පක්‍ෂ අභ්‍යන්තරයෙන් නායකත්වයට ආ බලපෑම නිසා, ඔවුන් නව ව්‍යවස්ථාව පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂයේ මතයෙන් ඉවත් වී ස්වාධීන මතයක් දරන්නට විය.
ලැබෙන අලූත්ම ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇති පරිදි, කොමිනියුස්ට් පක්‍ෂය මහින්දගේ මඤ්ඤං ඒකාබද්ධ විපක්‍ෂයෙන් ළ`ගදීම ඉවත් වී නව වමාංශික බලවේගයක් ගොඩනැගීමට සූදානම් වෙයි.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *