|

චීනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා යළි ඇරඹෙයි

 

චීනය සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බාන්ධ සාකච්ඡා යළි ආරම්භ කළ බව ශ්‍රී ලංකා පාර්ශවයේ ප්‍රධාන සාකච්ඡා කරු කේ ජී වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

කරුණු කිහිපයක් පිලිබඳ එකඟ නොවීම හේතුවෙන් මෙම සාකච්ඡා නතර වී තිබිණි.

තීරුබදු නිදහස් ලැයිස්තුව , බදු නිදහස්කිරීමේ මට්ටම සහ සමාලෝචන ක්‍රියාවලියක් පිළිබඳ එකඟ නොවීම හේතුවෙන්  වට හතකින් පසු සාකච්ඡා නතර වී තිබිණි. එම කරුණු සම්බන්ධයෙන් චීනය ඉදිරිපත් කළ ස්ථාවරය ශ්‍රී ලංකා පාර්ශවය පිළිගෙන නැත. කෙසේ වෙතත්, එම කරුණු ගැන චීනයේ ස්ථාවරය මේ වන විට ලිහිල් කර ඇති නිසා සාකච්ඡා යලි ආරම්භ කළ බව සාකච්ඡාකරු කේ ජී වීරසිංහ මහතා පවසා ඇත.

මෙම සාකච්ඡා මාර්ගගත ක්‍රම ඔස්සේ ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට පසුගිය දා අත්සන් තැබීය. ඉන්දියාව ඉන්දුනීසියාව සහ වියට්නාමය සමග ද මෙබඳු ගිවිසුම්වලට එළඹීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටියි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අගය දාම ක්‍රියාවලියට වඩා හොඳින් සම්බන්ධ කිරීම මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම්වල අරමුණ වී තිබේ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *