ඉන්දියන් ව්‍යාප්තවාදය Left – අස්පට් ෂූටිං

May be an image of one or more people
ආයුබොවන් මචංලා……අපේ ලප කුමාර සහෝදරයයි,යටත් විජිත සහෝදරයයි එන්න තව ටික දවසක් යනවලු.මචං මේ දවස්වල ටිංටිං සහොදරයත්,මෝල් කාන්ත සහෝදරයත්,සුදු හදුන් සහෝදරයත්,බ්ම්මල් සහෝදරයත් පේන්න නෑනේ.
තනිකර ගේම ගහන්නේ අගමැති සහෝදරී.ඇතුලේ කචල් එකක්වත්ද?ඒක නං කීයටවත් වෙන්න බෑ.බලය ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී කාකොටා ගන්න තරම් අපේ සහෝදරවරු මෝඩ නෑ.
ආරංචි විදිහට ලපයා ටිංටිං සහෝදරයට කරන්න විශේෂ රාජකාරියක් පවරලාලු. ලපයා එනකොට වැඩේ clear කරලා තියන්න කියලත් කියලාලු.ඒ හින්දා මේ දවස්වල ටිංටිං සහෝදරයා බරටම වැඩලු.
ෆුල් ටයිම් වැඩලු.පට්ට busy ලු.ටිංටිං මේ දවස්වල ලෙනින්ගේ වෙළුම් අතර හිරවෙලාලු බං.මාක්ස්ගේ,එංගල්ස්ලගේ වෙළුම් පෙරල පරල හොයනවලු. විජේවීර පොත් ගොඩක් බුලත්විට ඔතන්න විකුණන්න හදනවලු බං.
මචං ටිංටිංලා කාටවත් නොදැනෙන විදිහට සමාජවාදයත් අතෑරියා.දැන් සමාජවාදය කියන වචනවත් පේන්න බෑ.සමාජවාදය ඉරේෂ් කරලා දැම්මා.
මචං සමාජවාදය ඉරේෂ් කළාට ඉන්දියන් ව්යාප්තවාදය ලේසියෙන් ඉරේෂ් කරන්න බෑ.ජය ශංකර්කාරයා අහන්නේම ඒ ගැනලු.
පව් බං ලපයා එහේ අසරණවෙලා.ලපයා ටිංටිංට කියලා තියෙන්නේ ඉන්දියන් ව්යාප්තවාදය කියන්නේ නැතිව ඒකට නෝමල් වචන දෙක තුනක් දාලා පොඩි වාක්යයක් හදන්න කියලා.එතකොට මචං ටික දවසක් හාවිතා කරලා සමාජවාදය වගේ ඉරේෂ් කරලා දාන්න පුලුවන්නේ. ඉන්දියන් ව්යාප්තවාදය චාටර් වැඩිලු.
මචං උඹලටත් පුළුවන් මේ වෙලාවේ ටිංටිං සහෝදරයට උදව් කරන්න.තියනවා නං ඉන්දියන් ව්යාප්තවාදය කපලා ඒ වෙනුවට දාන්න පුළුවන් නමක් යෝජනා කරපල්ලකෝ.
හරි…..එහෙනං අස්පට් ෂූටිං නමක් යෝජනා කරන්නද?
මචං….දැන් ඕකට ඉන්දියානු ව්යාප්තවාදය නොකියා ” මාලිමා සමාප්තවාදය ” කියලා දාමුද?
අස්පට් ෂූටිං.
May be an image of one or more people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *