ජවිපෙ ඉන්දියානු විරෝධය අවසන් වීම රටට යහපතක් – මන්ත්‍රී නාමල් රාජපක්ෂ

 

පසුගිය කාලයේ මෙරට ක්‍රියාත්මක කිරීමට ගිය ඉන්දියානු ආයෝජන ව්‍යාපෘති රාශියක් නතර වුයේ ජනතා විමුක්ති පෙරමුණේ ඉන්දියානු විරෝධී උද්ඝෝෂණ සහ වැඩ වර්ජන නිසා බවත්, ජවිපෙය එම විරෝධයෙන් මිදී ඉන්දියාව සමග සම්බන්ධතා ගොඩනගා ගැනීම රටට යහපතක් වන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

සාම්පුර් විදුලි බලාගාරය, මන්නාරමේ සුළං බලාගාර ආදී ව්‍යාපෘති නතර වුයේ ජවිපෙ විරෝධතා නිසා බවත්, ඒවා එදා ක්‍රියාත්මක කළේ නම් රට අර්බුදයට නොයන බවත්, නාමල් රාජපක්ෂ මහතා කියයි.

ඒ මහතා කියන්නේ අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම ඉන්දියාවට ගොස් යහපත් සබඳතා ගොඩ නගාගත් විට විරෝධතා අවසන් වනු ඇති බවයි. එය රටට යහපතක් බව ඒ මහතා කියයි.

පොදුජන එක්සත් පෙරමුණේ ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *