සජබ මන්ත්‍රී පිරිසක් රනිල් සමග කරන සාකච්ඡා සජිත් දන්නවා – ෆොන්සේකා

 

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කරමින් සිටින බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දන්නා බව එම පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකශ කරයි.

ඒ මහතා කියන්නේ මෙම තොරතුරු පක්ෂයේ මහ ලේකම්වරයා ද දන්නා බව යි.

පක්ෂ නායකයකු සතුව තිබිය යුතු ගතිගුණ සජිත් ප්‍රේමදාස මහතා සතුව නැති බව කියන සරත් ෆොන්සේකා මහතා තර්ජන ගර්ජන කොට ප්‍රශ්න විසඳිය නොහැකි බව ද කී ය.

රුපවාහිනී වැඩ සටහනකට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *