මේ අවුරුද්දේ තව රටවල් පහක් සමග වෙළෙඳ ගිවිසුම්

 

මෙම වසර අවසන් වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය හා චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීමට සැලසුම් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.

රටවල් අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගනිමින් ආර්ථිකය යළි නොවැටෙන තැනකට පත් කරලීම සඳහා ජනාධිපතිවරයා  ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කර ඉදිරියට ගෙන යා යුතු බව ද අලි සබ්රි මහතා කීය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන්  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

තායිලන්ත  නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට ධීවර, සංචාරක, කෘෂිකර්ම හා පුනර්ජනනීය බල ශක්ති පිළිබඳ ආයෝජන විශාල සංඛ්‍යාවක් ලැබීමට නියමිත බවද විදේශ අමාත්‍යවරයා කීය.

ලෝකයේ රටවල තිබෙන විශාල වෙ‍ළෙඳ පොළවල් සමඟ ගනුදෙනු කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රසාරණය කිරීමට හැකියාව  තිබෙන්නේ යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *