ඉන්දියාව අනුර කුමාරට දුන් නිල පිළිගැනීමට විපක්ෂ නායක සජිත් අවුලක ?

 

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු නියෝජිත පිරිසකට ඉන්දියානු රජයෙන් ලැබුණු නිල ආරාධනය සහ එරට දී ඔවුන්ට ලැබුණු පිළිගැනීම ගැන සහ එහි පදනම ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තානාපති අංශවලින් විමසීම් කොට ඇති බව තතු දත් දේශපාලන අංශ වලින් දැනගන්නට ඇත.

ඉන්දියානු විදේශ ඇමති කේ ජේෂන්කර් මහතා සහ එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහත්වරුන් අනුර කුමාර දිසානායක මහතා ඇතුළු නියෝජිතයින් හමුවීම පිළිබඳව ද ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර ඇතැයි කියති.

අනුර කුමාර දිසානායක මහතා සමග ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය  නිහාල් අබේසිංහ, එහි ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත සහ පාර්ලිමේන්තු මනත්‍රී විජිත හේරත් මහත්වරුන් ද ඉන්දියානු නිල සංචාරයට එක් වී සිටිති.

ඉන්දියානු තානාපති අංශ ප්‍රකාශ කොට ඇත්තේ දෙරට අතර සබඳතා තර කර ගැනීම සඳහා මෙරට සියලු ප්‍රධාන පක්ෂ සමග අවබෝදතා වර්ධනය කර ගැනීමට ඉන්දියානු රජය ක්‍රියා කරමින් සිටින බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *