ජාතික ජන බලවේගය කියන්නෙ රාජපක්ෂවාදයේ රතුපාට, දූෂණ විරෝධී මෙව්ව එක – අජිත් පැරකුම් ජයසිංහ

Anura in India

අනුර කුමාර දිසානායක ඉන්දියාවට යාමට පෙර පවත්වන ලද කතාව 1 කමෙන්ටුවේ දැක්වෙනවා. ඒකෙ හරය ඉන්දියාව එක්සත් වුණා. අපි බෙදා වෙන් කිරීමට ගොදුරු වුණා කියන එක. ඒ කියන්නෙ දෙමළ අරගලය එහෙම තනිකර ප්‍රතිගාමීත්වය. ඉන්දියාවේ හින්දු අධිපතිවාදය වගේ සිංහල අධිපතිවාදයත් ප්‍රගතිශීලීයි කියන එක. ඒ අධිපතිවාදයට යටත්ව ඉන්දියාවෙ මන්මෝහන් සිංලා, අබ්දූල් කලාම්ලා වැනි සුළු ජාතිකයන් වගේ ලංකාවේත් දෙමළ, මුස්ලිම් නායකයන් බිහි විය යුතු බව.

ජවිපෙ දේශපාලන මණ්ඩලයේ එක දෙමළ, මුස්ලිම් ජාතිකයෙකුවත් නැහැ. එහි ආධිපත්‍යය තියෙන්නෙ ගොවිගම, කරාව, සලාගම යන ප්‍රමාණයටත් වඩා නියෝජනයක් තියෙන අධිපති කුලවලට. ජවිපෙ දේශපාලන මණ්ඩලයේ මා දන්නා පරිදි ගැහැණු නැහැ.

ජවිපෙ අඩු තරමේ 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ කරන බලය බෙදීමට පවා විරුද්ධයි. උතුරු-නැගෙනහිර පළාත් වෙන් කර දෙමළ ජාතික අරගලය බෙදා වෙන් කරන්නට මුල් වුණේ ජවිපෙ.

ජවිපෙ එක්සත්භාවය කියන්නෙ මොකකටද? ඉන්දියාවෙ වගේ සෙසු ජාතීන්ගේ අයිතීන් යම් ප්‍රමාණයකට හෝ පිළිගන්නා බලය බෙදාගැනීම තුළින් බිහි වන එක්සත්භාවයකටද? නැතිනම්, සිංහල මූලික ශ්‍රී ලංකා රාජ්‍යය දෙමළ ජනතාවත් අනිවාර්යයෙන් පිළිගත යුතු, බලය බෙදා නොගන්නා එක්සත්භාවයකටද?

මේ කාරණා ජවිපෙට තවමත් පැහැදිලි නැහැ. ජවිපෙ තවමත් හිතන්නෙ නිදහසෙන් පස්සෙ කඳුරට දෙමළ ජනයාගේ පුරවැසිභාවය අහිමි කිරීම වැනි අසාධාරණකම් ටිකක් සිදුවුණ එක මිසක් වෙන ප්‍රශ්නයක් තිබුණෙ නැහැ කියලායි.

නැහැ. ලංකාවෙ ප්‍රශ්නය මේකයි. ශ්‍රී ලංකාව කියන්නෙ හම්බන්තොට සිට පේදුරුතුඩුව දක්වාම සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි මූලික කොළඹ කේන්ද්‍රීය රාජ්‍යයක්. වෙන බල කේන්ද්‍ර එහි පවතින්නට අධිපති බලවේග ඉඩ දෙන්නෙ නැහැ. ඒ ගැන තියෙන සම්මුතියට තමයි ශ්‍රී ලංකාව කියන්නෙ.

ඒ සම්මුතියේ වඩාත්ම ආක්‍රමණශීලී ප්‍රකාශනය තමයි රාජපක්ෂවාදය. ජාතික ජන බලවේගය කියන්නෙ රාජපක්ෂවාදයේ රතුපාට, දූෂණ විරෝධී මෙව්ව එක.

අනුරගේ කතාව

https://www.youtube.com/watch?v=pn6i_Au_vCc

අජිත් පැරකුම් ජයසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *