ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩයමින් සිටිනවා – පෙරටුගාමී සමාජවාදී පක්ෂ නායක කුමාර් ගුණරත්නම්

 

ශ්‍රී ලංකාව මුහුණ දී සිටි ආර්ථික අර්බුදයෙන් දැන් රට ගොඩයමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂ නායක කුමාර් ගුණරත්නම් මහතා ප්‍රකාශ කළේය.

ධනවාදී ආර්ථික ක්‍රමය අනිවාර්යයෙන් බිඳ වැටෙන බව වාමාන්ශිකයින්ගේ විශ්වාසය බව කී ඒ මහතා එසේ වුවත්, එය ඉබේ බිඳ වැටෙන බව එයින් අදහස් නොවන බව ද කීය. ධනවාදය ඉබේ බිඳ වැටෙන බව වාමාංශිකයින් කියන බවත්, එය ආර්ථික නියති වාදයක් බවත්, කියමින් ප්‍රතිවාදීන් කරන විවේචන සත්‍ය නොවන බව කී ගුණරත්නම් මහතා අර්බුදවලින් තාවකාලිකව ගොඩයාමේ හැකියාව ධනවාදයට ඇති බවත්, ලෝකයේ එය දිගට ම සිදු වී ඇති බවත් කී ය.

ශ්‍රී ලංකාව ද මුහුණ දුන් ආර්ථික අරබුදයෙන් මේ වන විට ගොඩ යමින් සිටින බවත්, විකල්ප වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ නොහැකි තරම් වම දුර්වල වීම නිසා අර්බුදයෙන් ගොඩ යාමට දකුණට හැකි වූ බවත් ගුණරත්නම් මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතිය තේරුම් ගත යුත්තේ වමේ දේශපාලන වැඩ සටහනකට සම්බන්ද කොට පමණක් බව ද , එසේ නොවන විට එය නිකම් ම ආර්ථික ලියවිල්ලක් පමණක් වන බව ද කුමාර් ගුණරත්නම් මහතා ප්‍රකාශ කළේ මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතාගේ ‘ ප්‍රාග්ධනය –  කෙටි හැදින්වීමක්’ කෘතිය එලි දැක්වීම සඳහා කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයේ දේශනයක් පවත්වමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *