නිදහස් ලංකාවේ පළමු වරට කැබිනට් ඇමතිවරයෙක් ධුරය දරද්දී රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය  කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ මස 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙය මෙරට  කැබිනට ඇමති ධුරයක් දරන අයෙකු ධුරයේ සිටිය දී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පළමු අවස්තාව ලෙස වාර්තා වෙයි.

ඊයේ (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින්  අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (03) මාළිගාකන්ද අධිකරණය වෙත  ඉදිරිපත් කෙරිණි.

මෙහිදී මෙම නියෝගය නිකුත් කර ඇත.

හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය පිළිබඳ හිටපු අමාත්‍යවරයාගෙන් ඊයේ පැය 10කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.

සෞඛ්‍ය ඇමති ලෙස කටයුතු කළකෙහෙළිය රඹුක්වැල්ල මහතාට චෝදනා එල්ල වීම හේතුවෙන් ඒ මහතා එම තනතුරින් ඉවත් කොට පරිසර ඇමති ධුරයට පත් කරන ලද්දේ අදාළ පරීක්ෂණ කෙරෙහි බාධා කිරීම වැළක්වීමට බව කියති.

මුල දී මෙම චෝදනා සම්බන්ම්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් ඇත අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අතර පසුව කළ පරීක්ෂනවල සාක්ෂි මත හිටපු ඇමතිවරයාට එරෙහිව පියවර ගැනීමට නීතිපතිවරයා උපදෙස් දී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *