සුළු සේවකයන්ට DAT ගෙවුවොත් අපි වර්ජනයේ..- විශේෂඥ වෛද්‍යවරුන් ජනපතිට දන්වති..

 

තමන්ට අදාළ නොමැති, දැනට නොපවතින දීමනාවක් ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ගවල නියැලී සිටින සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති සේවකයන්ට එම දීමනාව ලැබෙන්නේ නම් පවතින වැටුප් පරතරය අඩුවීම වැළැක්වීම සඳහා වෛද්‍යවරුන්ටද සමානුපාත මුදලක් ගෙවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එසේ නොවන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීම හැර වෙනත් විකල්පයක් නැතැයි ද එම සංගමය කියා සිටියි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය මේ බව දැනුම් දී තිබේ.

අදාළ සම්පූර්ණ  ලිපිය  මෙසේය.

අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා,
ජනාධිපති සහ මුදල් අමාත්‍ය,
ජනාධිපති ලේකම් කාර්‍යාලය,
කොළඹ 01.

අතිගරු ජනාධිපති තුමනි,

දිගුකාලීනව වෛද්‍ය නිලධාරීන්ට ගෙවනු ලබන DAT දීමනාවේ විෂමතාව නිවැරදි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයේ බහුවිධ වෘත්තීය සමිතිවල වත්මන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග

2024/01/01 දින සිට වෛද්‍ය නිලධාරීන්ට ගෙවනු ලබන බාධා කිරීම් සහ ප්‍රවාහන (DAT) දීමනාවෙහි දිගුකාලීන විෂමතාව නිවැරදි කිරීමට ඔබතුමා ගත් දූරදර්ශී සහ ධෛර්ය සම්පන්න තීරණයට වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය (AMS) වශයෙන් ඔබට අපගේ අවංක ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමු.

මෙය මෙම විෂමතාවයේ අර්ධ නිවැරදි කිරීමක් පමණක් වුවද, එය නිවැරදි දිශාවට ගත් තීරණයකි. වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රු. 35,000 කින් වෑඩි කරන ලද්දේ සමාන්තර වෛද්‍ය නොවන රාජ්‍ය අංශයේ විධායක නිලධාරීන්ට දැනට ලෑබෙන ප්‍රවාහන දීමනා පමණක් (වාහන, රියදුරු සහ ඉන්ධන) රුපියල් 90,000 අගයක් ඉක්මවන බැවින් සහ අර්ධ වශයෙන් පමනක් බද්දට යටත් වන බැවිනි. (DAT දීමනාව සම්පූර්ණයෙන්ම බද්දට යටත් වේ)

DAT දීමනාව යනු වෛද්‍යවරුන්ට විශේෂිත, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අනෙකුත් කාණ්ඩවලට හිමි නොවන දීමනාවක් වන අතර සුදුසු සමාන්තර ප්‍රවාහන දීමනාවක් නොමැතිවීම නිසා වෛද්‍යවරුන් සදහා එය අර්ධ වශයෙන් හො නිවෑරදි කිරීම ඉතා වැදගත් පියවරකි. එබැවින් DAT හෝ ඒ හා සමාන දීමනා ලබා ගැනීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අනෙකුත් කාණ්ඩ ඉදිරිපත් කරන ඉල්ලීම අතිශය අසාධාරණ ය.

මේ වන විට ඩැට් දීමනාව හිමි නොවන සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති මෙම සේවකයින්ට කිසිසේත්ම හිමි නොවන ඩැට් දීමනාව ලෙස අඩු මුදලක් හො ලබා ගැනීම සඳහා ඉතා අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වේ.

එය සිදුවුවහොත්, අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය (හෙදියන්, පරිපූරක වෛද්‍ය සේවකයින් යනාදී) සහ වෛද්‍ය විශේෂඥයින් අතර දැනටමත් පවතින පිළිගත නොහැකි පටු වැටුප් පරතරය විශේෂඥ වෛද්‍යවරයාගේ රැකියාවට අදාළ සුදුසුකම් සහ වගකීම් පිළිබඳ මූලධර්ම උල්ලංඝනය වන තරමට තවදුරටත් අඩු වනු ඇත.

දැනට වෘත්තීය ක්‍රියාවන්හි නියැලී සිටින මෙම කාණ්ඩවලට දෑනට නොපවතින අදාල නොමෑති දීමනාවක් ලැබෙන්නේ නම්, දැනටමත් පවතින පටු වැටුප් පරතරය අඩුවීම වැළැක්වීම සඳහා වෛද්‍යවරුන් වෙත සමානුපාතික මුදලක් ගෙවන්නේ නම් මිස, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹීම හැර වෙනත් විකල්පයක් අප සංගමයට නොමැති බව කාරුණිකව දැන්වීමට කැමැත්තෙමු.

ස්තූතියි.

විශේෂඥ වෛද්‍ය ඒ ඩී කේ එස් එන් යසවර්ධන
සභාපති
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

විශේෂඥ වෛද්‍ය R. ඥාණසේකරම්
ලේකම්
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

 lanka C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *