|

වැඩ නැති රාජ්‍ය ආයතන 17 ක අධ්‍යක්ෂ මණ්ඩල වැටුප් ලබමින් වැඩ

 

 

මීට කලෙකට පෙර සිට වැඩ කටයුතු නවතා ඇති රාජ්‍ය ආයතන 17 ක අධ්‍යක්ෂ මණ්ඩල වැටුප් ලබමින් තවමත් සේවය කරන බව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකයේ ප්‍රධානී සුරේෂ් ෂාමහතා ප්‍රකාශ කරයි. මෙබඳු රාජ්‍ය ආයතන 130 ක් ප්‍රතිව්‍යුහගත කරණය සඳහා තෝරාගෙන ඇති බවත්, එයින් ආයතන 85 ක් විකුණා දැමිය යුතු බවත්, ඒ මහතා ප්‍රකාශ කොට ඇත.

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මේවා වහාම ප්‍රතිව්‍යුගත කිරීම අත්‍යවශ්‍ය වී තිබේ.

ජනතාවට වඩා හොඳ සේවයක් ලබා දීමට ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලික කරණය අත්‍යවශ්‍ය බවත්, ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කොටස් කිහිපයක් සහ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ද පෞද්ගලිකකරණය කළ යුතු බවත් සුරේෂ් ෂා මහතා වැඩි දුරටත් ප්‍රකශ කොට ඇත.

ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංවිධානය  (OPA) විසින් සංවිධානය කරන ලද “රාජ්‍ය සතු ව්‍යවසායන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම” පිළිබඳ සම්මන්ත්‍රණයකදී ඒ මහතා මේ අදහස් පළ කළේ ය. ඒ ඒ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තිකයෝ විශාල පිරිසක් සමුළුවට සහභාගී වී සිටියහ.

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *