|

2023 වෙළඳ ගිණුම ; රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,484කින් ඉහළට

පසුගිය (2023) වසරේ වෙළඳ ගිණුම හා අදාළ සංඛ්යාලේඛණ මේ වන විට ප්රකාශයට පත් කර තිබෙනවා. පසුගිය දෙවසර තුළ දැකිය හැකි වූ තත්ත්වයට සාපේක්ෂව වසරේ අපනයන ආදායම ඩොලර් මිලියන 11,911 දක්වා පහත වැටී ඇති නමුත් ආනයන වියදම් වල ඊට වඩා වැඩි පහත වැටීමක් දැකිය හැකි නිසා පසු ගිය වසර අවසන් වන්නේ වසර දොළහක කාලයක් තුළ, එනම් 2010 වසරෙන් පසුව, දැකිය හැකි වූ කුඩාම වෙළඳ ශේෂ හිඟය වාර්තා කරමිනුයි.
ආනයන සීමා කිරීම් මධ්යයේ සිදු වූ දෙයක් වුවත්, පසුගිය වසරේ වෙළඳ ශේෂ හිඟය ඩොලර් මිලියන 4,900කට සීමා වී තිබෙනවා. වසරේ ශ්රමික ප්රේෂණ ලැබීම් ලෙස මීට වඩා වැඩි, එනම් ඩොලර් මිලියන 5,970ක, මුදලක් ලැබී තිබීම විශේෂත්වයක්. මීට අමතරව සේවා ගිණුමේද සැලකිය යුතු අතිරික්තයක් වාර්තා වී තිබිය යුතුයි. පසුගිය වසර තුළ රටේ නිල විදේශ සංචිත ප්රමාණය ඩොලර් මිලියන 2,484කින් ඉහළ ගියා.
2023 වෙළඳ ගිණුම
ECONOMATTA.BLOGSPOT.COM
2023 වෙළඳ ගිණුම
sri lanka economy

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *