ජනවාරි 08 බලවේගය නව ව්‍යවස්ථාව උදෙසා බලමුළු ගැන්වේ.

ජනාධිපතික්‍රමය ඉවත්කර ජාතික ප්‍රශ්නය ආමන්ත්‍රණය කරන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ජනාධිපතිතුමා තීරණය කිරීමත් සමග මෛත්‍රිපාල සිරීසේන මහතා ජනාධිපතිවරයා විධායක ලෙස පත්කර ගැනීමට පෙරමුණගත් සිවිල් සංවිධාන හා පුරවැසි බලවේග එක පෙරමුණක් ලෙස සංවිධානයවීමේ ඉහල පෙලේ සාකච්ඡාවක් පසුගිය දා පැවැති බව යුක්තියට වාර්තාවේ.
සමීප ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට රාජිත සේනාරත්න, මංගල සමරවීර මෙන්ම නව ව්‍යවස්ථාවක් හා පෙනී සිටින දේශපාලන නායකයින් ද මෙම පෙරමුණට ඇතුල්කර ගැණිමට තීරණය කර ඇති අතර මාර්තු මාසය ආරම්භයේ දී කොළඹින් මෙම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යපාරය දියත් කෙරෙනු ඇත.
මහජන රැස්වීමක් පවත්වා නුගේගොඩින් ආරම්භවන මෙම ව්‍යාපාරයේ දෙවන රැස්වීම සඳහා ජනාධිපතිවරයා,අගමැතිවරයා මෙන්ම විපක්ෂ නායකවරයා ද සම්බන්ධකර ගැනීමට අදහස් කරණ බව ඉහත රැස්වීමට සහභාගිවූ සිවිල් නියෝජිතයෙක් යුක්තියට අනාවරණය කළේ ය.
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ පිහිට වූ ආකාරයට ම ජනමත විචාරණයකින් නව ව්‍යවස්ථාව අනුමත කරදීමේ වගකිම තම සංවිධානය භාරගන්නා බව මේ පෙරමුණට සම්බන්ධ දේශපාලන නායකයෙක් ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට දැණුම්දීමට නියමිත බව ද දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *