භාණ්ඩාගාර බිල්පත් පොලියේ විශාල අඩුවීමක්

අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී සියලු කාණ්ඩවල බිල්පත් පොලී අනුපාතවල සැලකිය යුතු පහළ යාමක් වාර්තා වී ඇත.

මාස තුනේ බිල්පත් පොලී අනුපාතය පසුගිය සතියේ වාර්තා වූ සියයට 13.35 සිට සියයට 11.97 දක්වා අඩු වී ඇත.

මාස හයේ බිල්පත් පොලිය අඩු වී ඇත්තේ සියයට 13.41 සිට සියයට 12.20 දක්වා ය.

වසරකින් කල් පිරෙන බිල්පත් පොලිය සියයට 12.78 සිට සියයට  12.00 දක්වා පහත වැටී ඇත.

මෙලෙස භාණ්ඩාගාර බිල්පත් පොලී අඩුවීම රටේ සමස්ත බැංකු පොලී පහළ යාමට හේතු වනු ඇතැයි විශ්වාස කෙරෙයි.

රුපියල් මිලියන 160,000 ක බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කොට තිබු අතර ඒ සියල්ල විකිණී ඇත.

වගුව – ECONOMY NEXT

Leave a Reply

Your email address will not be published. Required fields are marked *