දයා රත්නායක ගත්තානම් ගෝටාභය රාජපක්ෂත් සජබට ගන්න – සරත් ෆොන්සේකා සජිත්ට කියයි

 

ජෙනරාල් දයා රත්නායක මහතා සමගි ජන බලවේගයට ගත්ත නම් හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ද පක්ෂයට ගත හැකි බව සමගි ජනබලවේගයේ  සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි.

හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා සමගි ජන බලවේගය හා එක්වීම කිසිසේත් අනුමත කළ නොහැකි බව  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹ දී මාධ්‍ය හමුවක් අමතා  පැවසීය.

මේ සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට තමන් දැඩි විරෝධය පළ කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කලේය.

රණවිරුවෙක් යැයි කියා දයා රත්නායක පක්ෂයට එක්වූයේ නම්  රණවිරුවෙක් කියා ගෝඨාබය රාජපක්ෂටත් ආර්ථික විශ්ලේෂකයකු යැයි කියමින් අජිත් නිවාඩ් කබ්රාල්ටත් පක්ෂයට එක්වීමට හැකියාව ඇති බවත්  එවැනි දෑ සිදුකිරීමට ඉඩදිය නොහැකි බවත් කොලඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කීවේය.

ගෝටාභය රාජපක්ෂ පාලනයේ ප්‍රබලයන් ව සිටි සහ එතුමාට උපදෙස් දුන් නාලක ගොඩහේවා, චන්න ජයසුමන ආදීන් සජබයට සම්බන්ධ කර ගැනීම ගැන ද සජිත් ප්‍රේමදාස මහතාට විරෝධතා එල්ල වී ඇති බව මීට පෙර වාර්තා වී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *