වැට් උද්ධමනය සියයට 2.4 යි

 

රජය මෙම ජනවාරි මාසයේ ක්‍රියාත්මක කළ වැට් බදු වැඩි කිරීමත් සමග බදු මිල විශාල ලෙස වැඩි වී උද්ධමනය ද වැඩිවන බවට ඇතැම් පිරිස් ගෙන ගිය ප්‍රකාශ බොරු කරමින් ජනවාරි මාසයේ උද්ධමනයේ වැඩිවීම සියයට 2.4 ක් බව ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත මගින් පෙන්නුම් කරයි.

එම සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 දෙසැම්බර් මාසයේ වාර්තා වූ සියයට 4.0හි සිට 2024 ජනවාරි මාසයේ දී සියයට 6.4 දක්වා ඉහළ ගියේය.  එම වැඩිවීම සියයට 2.4 කි.

මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ වාර්තා වූ සියයට 0.3හි සිට 2024 ජනවාරි මාසයේ දී සියයට 3.3 ක් දක්වා ත් ආහාර නොවන උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ වාර්තා වූ සියයට 5.8හි සිට 2024 ජනවාරි මාසයේ දී සියයට 7.9 ක් දක්වා ත් ඉහළ ගොස් තිබේ.

කාලගුණික හේතු නිසා එළවළු මිල වැඩිවීම ද මෙම සංඛ්‍යාවන්ට ඇතුලත් බව කියති.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය දා ප්‍රකාශ කළේ ජනවාරි මාසයේ එකක කිහිපයකින් ඉහළ යන උද්ධමනය ඉදිරි මාස කිහිපයේ යළි අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *