උමා ඔයේ පළමු විදුලි මෙගා වොට් 60 සම්බන්ධ කෙරෙයි

මෙගාවොට් 120 ක උමා ඔය ජල විදුලි බලාගාරයේ පළමු මෙගා වොට් 60 අදියර ජනවාරි 27 වැනිදා ක්‍රියාත්මක කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

“මෙගා වොට්  120 උමා ඔය ජල විදුලි ව්‍යාපෘතියේ පළමු ඒකකය වන මෙගා වොට්  60 ටර්බයිනය සමමුහුර්ත කර ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම ඊයේ සාර්ථකව සිදු කරන ලදී,” යනුවෙන් අමාත්‍ය විජේසේකර ට්විටර්  පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

“ව්‍යාපෘතියට එරෙහි දේශපාලන විරෝධතාවල අභියෝග, කෝවිඩ් වසංගතය සහ මූල්‍ය අර්බුදය හේතුවෙන් දීර්ඝ ප්‍රමාදයන් සමඟින් ව්‍යාපෘති කණ්ඩායම් සහ නිලධාරීන් පළමු අදියර සාර්ථකව නිම කිරීමට සමත් වී ඇති අතර පෙබරවාරි මැද වන විට දෙවන ටර්බයිනය සම්බන්ධ කිරීමට අපේක්ෂා කරයි.”

කෘෂිකර්මාන්තය සඳහා වාරිමාර්ග ද ඇතුළත් වන උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ඉරානයේ ෆැරබ් ඉංජිනේරු කණ්ඩායම විසින් ඉදිකරන ලද්දකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *