පාර්ලිමේන්තුවේ වාර අවසන් කෙරේ

 

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු වාර අවසාන කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් පාර්ලිමේන්තු වාර අවසාන කර ඇති අතර එහි දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙලෙස පාර්ලිමේන්තු වාර අවසාන කරන බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පෙබරවාරි 07 වැනිදා පෙරවරු 10.30ට ආරම්භ වන බව අදාළ ගැසට් නිවේදනය මඟින් දක්වා ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *