වැට් නිසා ඉහළ ගියැයි කී එළවළු මිල පට් ගා පහතට

 

පසුගිය දිනවල එළවළු මිල විශාල ලෙස ඉහළ ගියේ ස්වභාවික හේතුන් නිසා නොව රජය වැට් බදු පැනවීම නිසා බව  ඇතැම් පිරිස් ප්‍රචාරයක් ගෙන ගිය ද දින කිහිපයක් තුළ එළවළු මිල සීග්‍රයෙන් පහත වැටී ඇති බව මේ වනවිට වාර්තා වෙයි.

සමස්තයක් ලෙස එළවළු මිල සියයට 50 කින් පමණ පහත වැටී ඇත්තේ දින පහක් වැනි කෙටි කාලයක දී ය.

රුපියල් 2000 ක් දක්වා මිල ඉහළ ගොස් තිබු බව වාර්තා වූ කැරට් කිලෝවක් නුවරඑලිය ආරථික මධ්‍යස්ථානයේ අද උදේ අලෙවි වුයේ රුපියල් 800 කට ය. ගෝවා කිලෝවක් රුපියල් 600 ක් වූ අතර ලීක්ස් කිලෝවක් අලෙවි වුයේ රුපියල් 350 ක් වූ මිලකට ය.

පාරිභෝගිකයින් එළවළු මිල දී ගැනීම අඩු කිරීම නිසා මෙම තත්ත්වය උදා වී ඇති බව කියති. නුවරඑලිය ආරථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගම් නිලධාරියකු මාධ්‍ය අමතා ප්‍රකාශ කළේ පාරිභෝගිකයින් මේ වනවිට එළවළු වෙනුවට මාළු, කුකුළු මස්, සහ පරිප්පු වැනි දෑ ආහාරයට ගැනීමට පෙළඹී සිටින බව යි.

පසුගිය සතියේ පැවති එළවළු මිල අනුව එළවළු පරිභෝජනයට වඩා මාළු පරිභෝජනය ලාබදායී වී ඇතැයි කියති. මේ වනවිට සාලයා කිලෝවක් රුපියල් 300 දක්වා සහ බෝල්ලු කිලෝවක් රුපියල් 1000 දක්වා මිල පහළ වැටී ඇති බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *