සජිත්ගේ- ඩලස්ගේ – විමල්ගේ මන්ත්‍රීවරු ජනාධිපති සමග උගන්ඩා ගිහින් 

messenger sharing button
උගන්ඩාවේ කම්පාලා හි දී පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය

දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් කිහිප පළක් සමඟ 19 දා ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා (Cyril Ramaphosa) අතර හමුව සඳහා එක් කැබිනට් අමාත්‍යවරයෙක්, එක් රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ විපක්ෂ මන්ත්‍රීවරු හතර දෙනෙකු එක්ව සිටි බව අනාවරණය වේ.

එම සාකච්ඡාවට විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංග්ස් නෙල්සන්, නිමල් පියතිස්ස, කුමාරසිරි රත්නායක, උදයකාන්ත ගුණතිලක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන යන අය එක්ව සිටියේය.

කිංස් නෙල්සන් මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයා යි.

නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා පොහොට්ටුව නියෝජන කරමින් නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් පත්වූ මන්ත්‍රීවරයෙකු වන අතර ඔහු විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්වරයා ද වේ.

උගන්ඩාවට ගොස් ඇති කුමාරසිරි රත්නායක මන්ත්‍රීවරයා මොනරාගල දිස්ත්‍රික්කයෙන් තේරී පත්වුණේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් ලෙසයි.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු වන උදයකාන්ත ගුණතිලක පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර පසුගිය වසරේ ජූලි 10 වෙනිදා ආණ්ඩු පක්ෂයෙන් ඉවත් ව තිබුණේ ‘හෘදය සාක්ෂියේ දහදෙනාගේ කණ්ඩායම’ ලෙස නිවේදනයක් නිකුත් කරමිනි. ඒ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ඡන්දයේ දී රනිල් වික්‍රමසිංහ ට එරෙහිව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට සහය දෙමිනි.

uganda 1

The Leader

Leave a Reply

Your email address will not be published. Required fields are marked *