සයිටම් වෛද්‍ය උපාධිධාරීන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය

 

මාලබේ සයිටම් ආයතනයෙන්, පිටවන වෛද්‍ය උපාධිධාරීන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමේ අයිතිය ඇති බව අභියාචනාධිකරණය තීරණය කරයි.

ඒ, මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාළ නඩු තීන්දුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ එස්. තුරෙයිරාජා විසින් ප්‍රකාශයට පත් කරමින්.

මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ, තමන්ට වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචියට අවසර ලබාදෙන ලෙස ඉල්ලා එම වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක් විසිනුයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *