විගණන වාර්තාවලින් දුෂිතයින්ට දඬුවම් කරන්න බැහැ – ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න

 

විගණන වාර්තාවලින් හෙළිදරව් කරන තොරතුරු අනුව දුෂිතයින්ට එරෙහිව පියවර නොගන්නේ ඇයිදැයි සමහරු ප්‍රශ්න කළත් , එසේ කළ නොහැකි බවත්, අධිකරණ ක්‍රියාවලියක දී විගණන වාර්තාවලට කිසිදු වටිනාකමක් හිමි නොවන බවත්, අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කරයි.

අධිකරණයේ දී දුෂණ චෝදනාවක් ඔප්පු කිරීම සඳහා එම චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ යුතු ය. කිසියම් නිලධාරියකු ගේ තීරණයකින් රජයට පාඩුවක් සිදුවුයේ ය යන්න ඒ සඳහා ප්‍රමාණවත් නැත. එම තැනැත්තා එම තීරණය ගත්තේ තමන්ට හෝ වෙනත් කෙනෙකුට ලාභයක් ලබා ගැනීමේ හෝ  දීමේ හෝ කෙනෙකුට යම් පාඩුවක් කිරීමේ හෝ චේතනාවෙන් බව අධිකරණය ඉදිරියේ ඔප්පු කළ යුතු ය. එසේ විය හැකිය යන්න ප්‍රමාණවත් නැත. එය සාධාරණ සැකයක් පැවතීමකි. එම තීරණය ගත්තේ චේතනනවිතව ම බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ යුතු ය. විගණන වාර්තාවකින් එය කළ නොහැකි ය. ඒ සඳහා විධිමත් පරීක්ෂණයක් කොට සාක්ෂි ගොනු කළ යුතු ය.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශනය කිරීමේ හැකියාව ඇති ස්වාධින විමර්ශකයින් නොවීම මෙන් ම ඒ සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම නොමැති වීම ද අප මුහුණ දී සිටින ගැටළු වෙයි. ඒ සඳහා විසඳුම් ලබාදීමට අලුතින් සම්මත කොට ක්‍රියාත්මක කොට ඇති දුෂණ විරෝධී පනත මගින් කටයුතු කොට ඇත. එසේ වුව ද එය ක්‍රියාවට නගා ගැනීම ද බරපතළ අභියෝගයකි.

නව දුෂණ විරෝධී පනත සම්බන්ධයෙන් ” අපට සිහිනයක් තිබේ ” එකමුතුව සංවිධනය කොට තිබු වැඩමුළුවකට සහභාගී වෙමින් අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් , ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *