සමලිංගික ආණ්ඩුවට ස්තුතියි–තිසුරීවන්නිආරච්චි

ඊයේ නුගේගොඩදී අපේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතා කරන සැටි අසාගෙන සිටීමටවීම නින්දිතයි. කෙසේ වෙතත් ඒ ගැනකරුණු සමහරක් පැහැදිළි කරගත යුතුව ඇත.

පළමු වෙන්ම ඊට සහභාගීවු සෙනග ප්‍රමාණය ගැන අපි යථාවාදී වෙමු. මහින්ද රාජපක්ෂ දශකයකට ආසන්න කාලයක් මේ රටේ ජනාධිපති වශයෙන් සිටියේය. එබැවින් යම් මහජන රැලියකට 5000 ක් සෙනග ගෙන්වා ගැනීමට ඔහුට හැකිවීම මහ බක්කක්සේ නොගන්න. අනිත් අතට, 2010 දී ඡන්ද මිලියන 6 ක් ලබා ගත්, 2015 දී ඡන්ද මිලියන 5 ක් ලබාගත් කෙනෙකුට එයින් ඩිංගිත්තක්, සුපර් මාකට් එකක රථ ගාලකට ගෙන්වා ගැනීමට හැකිවීමේ ඇති අරුමය කුමක්ද?

දෙවැනුව, මෙය ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවත් මතක තබා ගන්න. අපට තිබෙනනේ ද අතිරේක වාරයකුත් බලයේ සිටීම සඳහා හිටපු ජනාධිපතිවරයා අපේ ව්‍යවස්ථාවේ ප්‍රජාතන්ත්‍රිය සාරය වෙනස් කළ අවස්ථාවේ එය අපට තදින්ම වැදුණේද එබැවිනි. දේශපාලන විද්‍යාව තුළ එය හැඳින්වෙන්නේ‘ව්‍යවස්ථා කුමන්ත්‍රණයක්’වශයෙනි. එය කොන්ගෝවේ සිදුවිය. එය බුරුන්ඩියේ සිදුවිය. එය සිම්බාව්වේහි සිදුවිය. 2014 දී එය ශ්‍රී ලංකාවේ සිදුවිය. දේශපාලන විද්‍යාපාඨ ග්‍රන්ථවල එය හැඳින්වෙන්නේ‘ ව්‍යවස්ථා කුමන්ත්‍රණ’ සහිත රටක් වශයෙනි. ප්‍රජාතන්ත්‍රවාදයකින් ඒකාධිපතිවාදයකට පරිවර්තනය වීමට එය පාදකවෙයි. 2015 දී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා අපි යළිත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කෙළෙමු. ඒ අනුව, යළිත් වරක්‘ව්‍යවස්ථා කුමන්ත්‍රණයක්’සඳහා පාර්ලිමේන්තුව බිල්ලට ගැනීමට ජනාධිපතිවරයෙකුගේ විධායක බලයට නොහැකි වන්නේය.

එසේ තිබියදී, “හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව 2017 දී අපි අගමැතිවරයා වශයෙන් පත්කර ගන්නේ”යැයි කුමාර වෙල්ගම කීම අපේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයණට තරග කෙළේය. අගමැති තනතුරට තරග කෙළේය. ඒ දෙකින්ම ඔහු පැරදුණේය. එක වරක් නොව, දෙවරක්ම ඔහු පැරදුණේය. එසේ ජනතාව විසින් කිහිපවිටක්ම ප්‍රතික්ෂේප කරනු ලැබ තිබුණත් ඔහු සෙල්ලම අත හරින්නේ නැත. රජ කෙනෙකු සහ ගැලවුම්කරුවෙකු වශයෙන් කලක් පෙනීසිටි ඔහු දැන්, නුගේගොඩ බස්නැවතුම් පොල අස්සේ පරණ පෙම්වතියක් පස්සේ තවමත් පන්නන බොළඳ කොල්ලෙකුගේ තත්වයට පත්ව ඇත. ඉතිං අපට කීමට ඇත්තේ, ‘සෙවල පෙරාගෙන පස්සෙන් එනඑක දැන්වත් නවත්තලා, ඉන්න කෙනෙක් එක්ක අළුත් ජීවිතයක් පටන් ගන්න”යන්න පමණි. මේ රටේ දශක ගණනාවක් තිස්සේ දූෂණය රජ කළත්, ජාතිවාදය, නාරි-ද්වේෂය, සමලිංගික-ද්වේෂය මොන තරම් පැවතියත්, සෑම වසර 4/6 කටවරක් ඡන්දය පාවිච්චි කොට අපේ නියෝජිතයන් තෝරාපත්කර ගැනීමට අපට හැකියාව තිබේ. මේ රට එක්සත්ව තබාගන්නා එවැනි හරයාත්මක ප්‍රතිපත්තිවලට කෙනෙකු තර්ජනය කිරීම නින්දිත ය. එය අපසැහැල්ලුවෙන් භාරගත යුතු නැත.

තෙවැනුව, සමලිංගික- ද්වේෂය ගන්න: ඊයේ ටියුෂන් පංති අවසන් වී ගෙවල් දොරවල් බලායන ළමෝ වූහ. ඊයේ රෑ රූපවාහිනී ප්‍රවෘත්ති බැලූ ළමෝවූහ. වැඩිහිටියන් විසින් කියන දේවල් ඔවුන්ට ඇසුණි. කෙනෙකුට සමලිංගි යැයි කීම එම පුද්ගලයාට කරන නිගරුවක් වන බව විශ්වාස කිරීමම මේ දේශපාලඥයන්ගේ අධ්‍යාපනික හිඟන බව පෙන්නුම් කරයි. මේ ආණ්ඩුව සමලිංගික ආණ්ඩුවක් ද? හොඳයි, එසේ වෙච්චාවේ. ඒ සමලිංගික ආණ්ඩුව අප වෙනුවෙන් දිනාගෙන ඇති දේවල්, එතකොට? ජී.එස්.පී. ප්ලස් සහනය යළි ලබා ගැනීම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 1.5 ක ණය ආධාරයක් ලබා ගැනීම, අපේ පලුදු වී තිබු විදේශ සම්බන්ධතා පිළිසකරකර ගැනීම.. එපමණක්ද? මහින්ද රාජපක්ෂට සහ ඔහුගේ‘ ඒකාබද්ධ විපක්ෂයේ’ ගජ මිතුරන්ට කට අරින්ට ඉඩදීම සහ වෙඩි නොකා, රෑට සුදුවෑන් එකකින් පැහැරගෙන යාමේ අවදානමක් නැතිව, සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතය කඩාකප්පල් වන ආකාරයෙන් පාරවල් ගානේ විරෝධය පෑමට නිදහස දීම.. ඒ නිසා, ඩොලර් බිලියන 64 ක් වන ණය උගුලක අපව හිර කළ, පිරිසුදු වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ තරුණයන්ව වෙඩි තබ ාඝාතනය කළ, තමන්ගේ පටු වාසිය තකා ව්‍යවස්ථාවේ වචන වෙනස් කළ, තමුන්නාන්සේලාගේ රාජපක්ෂ-වෙල්ගම- වීරවංශ පුරුෂවාදී මදන ආණ්ඩුවට වඩා ඕනෑම දවසක සමලිංගික ආණ්ඩුවක් භාර ගැනීමට මාසූදානම් ය.

තමුන්නාන්සේලා මේ ආණ්ඩුව කෙරෙහි අසහනයෙන් පිපිරෙන බව මම දනිමි. ආණ්ඩුව ගැන ප්‍රශ්න අප බොහෝ දෙනාටත් තිබේ. දේශපාලනය, අසහනය ඇතිකරවයි. දශක ගණනාවක් තිස්සේ ප්‍රතිවිරුද්ධ දේශපාලන මතවාදවල සිටි, ඒ ප්‍රතිවිරෝධතා මතම පෝෂණයවූ සහ ඇනකොටා ගත් ලොකුම පක්ෂ දෙක ඉතිහාසයේ ප්‍රථම වතාවට එක වේදිකාවකට පැමිණ තිබීම ගැන මොහොතකට සිතා බලන්න. එය තුළ අසහනය දනවන අනේක කාරණා තිබිය හැකිබව ඇත්ත. එහෙත් අප වැඩිවිය පත්වන විට අසහනය අපව වටකර ගැනීම සිරිතයි. අප කෝපයට පත්වීම ස්වභාවයයි. අප වැඩිවැඩියෙන් ඉල්ලන බව සැබෑවයි. එහෙත් වර්තමාන ආණ්ඩුව කෙරෙහි ඇති අසහනය, පැවති ආණ්ඩුව කෙරෙහි පැවති භීතිය සමග පටලවා ගැනීමේ වරද නොකරන්න. ඒ දෙක අතරේ විශාල වෙනසක් තිබේ. එය අප පිළිගත යුතුව ඇත්තෙමු.

ඒ සියල්ල එසේ තිබියදී, ඊයේ මම මහත් ආඩම්බරයට පත්වීමි. වෙන කවරදාටත් වඩා අද අපේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව ඇතිබව මම තේරුම් ගත්තෙමි. සුළු පිරිසකගේ සහයෝගය ඇති විපක්ෂයකට, අත්අඩංගුවට පත්නොවී, බාධාවකට මුහුණනොදී, රැස්වීමේ නිදහස මගේ රටට ඇතිබව මට වැටහුණි. අනෙකා ඉවසීම, ප්‍රජාතන්ත්‍රවාදයේ මහගු ගුණයකි. වෙන කවරදාටත් වඩා ඊයේ එය බැබළුණේය. ඒ වෙනුවෙන් අප ස්තුතිවන්ත වියයුත්තේ, ‘ඒකාබද්ධ විපක්ෂයේ’ වචනයෙන් කිවහොත්, සමලිංගික ආණ්ඩුවටයි.

2017 ජනවාරි 28 වැනි දා ‘කලම්බුටෙලිග්‍රාෆ්’වෙබ්අඩවියේ පළවු
සමලිංගික ආණ්ඩුවට ස්තුතියි
නැමැති ලිපියේසිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’අනුග්‍රහයෙනි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *