ජාතික රෝහලේ මුළුතැන්ගේ කෑම ලොකු හෝටලයකට වඩා මිල අධිකයි ; පෞද්ගලික අංශයට දිය යුතුයි – නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ශාන් බෙල්ලන

 

 

ජාතික රෝහලේ මුළුතැන්ගේ ආහාර පිසීමට යන වියදම හිල්ටන් හෝටලයෙන් කෑම ගන්නවාට වඩා වැඩි බවත්, එය පෞද්ගලික අංශයට ලබාදීම ලාබදායක බවත් එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කරයි.

රෝහලේ මුළුතැන්ගෙයින් ආහාර සැපයීමට මසකට යන වියදම ලක්ෂ 76 ක් බව කී ඒ මහතා ඊට අඩු මුදලකට හිල්ටන් හෝටලයෙන් කෑම ගෙන්වා දිය හැකි බව කී ය.

එම අංශය පෞද්ගලිකකරණය කළ යුතු බව බෙල්ලන මහතා කියා සිටියේ රෝහලේ මුළුතැන්ගේ වැඩ වර්ජනය නිසා රෝගීන්ට කෑම ලබාදීමේ ඇති වූ ප්‍රශ්නය පිළිබඳව මාධ්‍යය කළ විමසුමකට පිළිතුරු වශයෙනි.

වෛද්‍ය බෙල්ලන මහතා පෙන්වා දෙන්නේ ජාතික රෝහලේ මුළුතැන්ගේ වැඩ කටයුතු නවතා රෝගීහ්ට පිටතින් ආහාර ගෙන්වා දීම මගින් රජයට විශාල මුදලක් ඉතිරි කරගත හැකි බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *