ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොවෙන්න පුළුවන් – පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ

 

 

ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් වෙන්නට හෝ නොවෙන්නට ඉඩ ඇති බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට පක්ෂය එළඹ නැති බවත්, නිසි මොහොතේ අවශ්‍ය තීරණය ගන්නා බවත් ඒ මහතා කී ය.

“ඉර, හඳ සහ සත්‍ය වසන් කළ නොහැකිය” යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කළ නව ප්‍රචාරක සැලැස්මක ආරම්භක අවස්ථාවට සහභාගී වෙමින් වීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යයට පිළිතුරු දෙමින්  මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *