අයි එම් එෆ් වැඩ පිළිවෙළ කඩාකප්පල් කරන්න එපා ! – ජපාන මුදල් ඇමති විපක්ෂ නායක සජිත්ට කියයි

 

 

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ක්‍රියාවට නගා ඇති වැඩ පිළිවෙළ තුළ ජාත්‍යන්තරයේ විශ්වාසය ගොඩ නැගී ඇති බවත්, කරුණාකර එය කඩා කප්පල් කිරීමට උත්සහ නොදරන ලෙසත්, ජපාන මුදල් ඇමති සුසුකි සුනිචි මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ නායකයින්ට ප්‍රකාශ කළ බව එම පක්ෂයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ජපාන ආධාර මෙරටට ලබාදීම සඳහා කරුණු තුනක් ඉටුවිය යුතු බව ජපාන ඇමතිවරයා පරකෂ කළ බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය අමතා ප්‍රකාශ කළේය.

එම කරුණු වන්නේ, ජපානයෙන් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීමට එකඟ වීම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග දැන් ක්‍රියාත්මක කරන වැඩ සටහන කඩා කප්පල් කිරීමට උත්සාහ නොදැරීම , සහ ගෝටාභය ජනාධිපතිතුමා අතරමග නතර කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට ජපානය කළ වියදම් ගෙවීම යි.

ශ්‍රී ලංකාවට ජපාන ආධාර ලබා දෙන්නේ එම කොන්දේසි යටතේ බව ජපාන මුදල් ඇමතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී තිබේ

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන මුදල් ඇමතිවරයා අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හමු වී සාකච්ඡා කළ අවස්ථාවේ දී මෙම කරුණු අවධාරණය කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *