ලන්සාගේ දේශපාලන භූමිකාව කුමක් විය හැකිද? – රටේ රාළ

May be an image of 2 people and dais
නිමල් ලන්සා කියන්නේ මේ දවස්වල කාගේත් දේශපාලන කට කැස්මක්.ඒ ලන්සා මේ මොහොතේ ඉෂ්ඨ කරමින් ඉන්න දේශපාලන භූමිකාව හින්දා වෙන්න ඕනි. ලන්සාගේ දේශපාලනය ගැන හොයලා බැලුවොත්,ලන්සා කියන්නේ බිම් මට්ටමේ ඉදන් උඩට ආපු දේශපාලන චරිතයක්.ප්රදේශිය සභාව,පලාත් සභාව සහ පාර්ලිමේන්තුව වගේම නියෝජ්ය ඇමතිධූරයක් දක්වා ආපු කෙනෙක්.
පාර්ලිමේන්තුවෙන් පටන් ගත්ත ගොඩක් අය පාර්ලිමේන්තුවෙන් පලාත් සභාවට,පලාත් සභාවෙන් ප්රාදේශීය සභාවට,ප්රාදේශීය සහාවෙන් ගෙදර යන අවරෝහණ පටිපාටියක යද්දී ලන්සා තවමත් ආරෝහණ පටිපාටිය ඇතුලේ ගමන් කරනවා.අපේ රටේ දේශපාලනයේ ගොඩක් වෙලාවට නිපුණ රණවක system එක හාවිතා වෙනවා. තාත්තගෙන්,අම්මගෙන් නැත්තං බාප්පගේ,පුංචි අම්මගේ,මහප්පගේ බැරිනම් ලොකු අම්මගෙන් හරි ආච්චිගේ අනුහසින් හරි උඩින් ගෙනත් බස්සනවා.
හැබැයි ලන්සලා කියන්නේ grass root එකේ ඉදන් උඩට ආපු ආය.ඒ අත්දැකීමෙන් දේශපාලනය කියවන්න පුළුවන් හැකියාවක් ලන්සාට ඇති.ඒ වගේම ලන්සා කියන්නේ රාජපක්ෂලා බලයට ගේන්න සෑහෙන වැඩ කොටසක් කරපු කෙනෙක්. හැබැයි ලන්සා කියන්නේ ඒ කාලේ පොහොට්ටුව ඇතුලේ හිටිය දැවැන්තයෙක් නෙවෙයි.2020 මහා මැතිවරණ ප්රතිපලය ගත්තත් ලන්සා ඡන්ද ලක්ෂයකට වැඩි ගාණක් අරන් පාර්ලිමේන්තුවට ආවත් ඊට වැඩිය ගොඩක් උඩින් නායක ගොඩහේවලා හිටියා.
හැමදාම පොහොට්ටුවේ දැවැන්තයෝ උනේ රාජපක්ෂලා, ගෝඨාභයගේ වියත් මඟේ කට්ටිය සහ රාජපක්ෂලා බලයට ගේන්න වේදිකා උඩ බෙරිහන් දුන්න විමල්ලා,ගම්මම්පිලලත් ඒ කාලේ පොරවල් තමයි.රාජපක්ෂලා දිනවන්න ජාතිකවාදය නමින් ජාතිවාදී මත හැදුවේ විමල්ලා. ගෝඨාභය පුටින් කෙනෙක් කරලා මහින්ද මහතීර් කෙනෙක් කරලා දෙවෙනි වරටත් රට ඇන්දුවේ විමල්ලා.වඳ කොත්තු,වඳ පති සෙට් එක ගැන ඔයාලා දන්නවා.
දැන් රාජපක්ෂලාට,වියත් මඟේ ගොඩහේවලට,විමල්ලට, ගම්මම්පිලලට ඇඩ්රසුත් නෑ.ඒක කොච්චර බරපතල විදිහට සිද්ධ වෙලාද කියනවා නං රාජපක්ෂලා රනිල්ගේ හැර අනිත් හැමෝගේම පොදු සතුරා වෙලා ඉවරයි. වියත්මගේ කට්ටි හොයන්නත් නෑ. ඉතිරි වෙලා ඉන්න ගොඩහේවලා සියලු රෙදි උනා දාලා සජිත්ට කඩේ යන්න පටන් අරන්.විමල්ලා, ගම්මම්පිලලා කොයි පැත්කටවත් ගන්න කවුරුත් කැමති නෑ.
රාජපක්ෂ කදවුරේ හිටිය ඇත්ත දැවැන්තයෝ සහ අපි තමයි දැවැන්තයෝ කියලා පෙන්නගෙන හිටපු අය නන්නත්තාර වෙලා.මේ වගේ පසුබිමක තමයි ලන්සාගේ මේ දේශපාලන ආගමනය සිද්ධ වෙන්නේ.රටේ රාළ බලකායත් දැන් අවුරුදු හයක් තිස්සේ මේ රටේ දේශපාලනය කියවමින් ඉන්නවා. ඒක ඇතුලේ ඔය ඔක්කොටෝම ඉස්සෙල්ලා ගොඨාභය කවුද කියලා කිවිවේ රටේ රාළ.ඒ විතරක් නෙවෙයි ඔය අප්පච්චිලා, බාප්පොච්චිලා,ලොකු අප්පච්ලා, පුතණ්ඩියෝ ටික ගැනත් රටේ රාළ ලුණු ඇඹුල් ඇතිව කියලා ඇති.
ඒක කියවා ගැනීම ඇතුලේ රටේ රාළ බළකාය රාජපක්ෂලා එක්ක කවදාවත් අතරමැද සමාදානයකට යන්නේ නෑ.ඒ විතරක් නෙවෙයි විමල්ලා,ගම්මම්පිලලා ඇතුළු අනිත් ඇච්චෝ බැච්චෝ ටික කවුද කියලත් අපි රටට නිරවුල් කරලා දීලා තියනවා.සජිත් කවුද,අනුර කවුද කියලත් කියලා ඇති.ඒක අද පිළිගන්නේ නැති අය හෙට පිලිගන්න බව දන්න නිසා අපේ විග්රහ එක දශමයකින්වත් පස්සට ගන්න අපි ලෑස්ති නෑ.
ඒක නිසා අපට ලන්සාව කියවන්න බැරිකමකුත් නෑ.ඇත්තටම අපට මෙච්චර කල් ලන්සා කියවගන්න ඕනිකමක් තිබුණේ නෑ.මොකද ඒ දේශපාලන ඉතිහාසය ඇතුලේ ලන්සා කියන්නේ හරි පුංචි මිනිහෙක්.හැබැයි මේ නිර්මාණය වෙලා තියන සංකීර්ණ දේශපාලන වටපිටාව ඇතුලේ ලන්සා ඉතා කෙටි කාලයකින් දැවැන්තයෙක් වෙලා. ඒක නිසා අපි ලන්සාව කියවාගන්න ඕනිමයි.අද රාජපක්ෂලාගේ විතරක් නෙවෙයි ජවිපෙ පවා එක්තරා දුරකට තමන්ගේ අනිකා බවට ලන්සාව පත්කරගෙන තියන බව ජවිපෙ අභයන්තර ආරංචිවලින් පැහැදිලියි.
ජවිපෙ පවා ලන්සා ගැන සමීප අධීක්ෂණයක ඉන්නවා.අනුර ලන්සාට ගහන්න තමන්ගේ facebook බළ ඇණියට නියෝග නිකුත් කරලා ඉවරයි.ලන්සා මේසා විශාල අවධානයක් දිනාගන්න ප්රධාන හේතුව උනේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධව කියපු කතාවෙන් පස්සෙයි.ගොඩක් අය රනිල් ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කියලා කෙලින්ම කියන්න බයවෙලා හිටියේ. සාගලලා මහ මැතිවරණ කතා කියකියා හිටියේ.එජාපය පවා ඒ ගැන නිල ප්රකාශයක් කරලා තිබුණේ නෑ.රවී එජාප සමුළුවේදී රනිල් ඉදිරි ජනාධිපතිවරණයේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා කියලා කිව්වා,ඊට වැඩිය බර ප්රකාශයක් එජාපය පැත්තෙන් ආවේ නෑ.
හැබැයි ඊට පස්සේ එජාපය පක්ෂයක් විදිහට රවීගේ කතාව ඉස්සුවේ නෑ,හුණු සාත්තරේට අනුව දේශපාලන අනාවැකි කියන විමල් කිව්වේ රනිල් ඊළඟ ජනාධිපතිවරණයට එන්නේ නෑ. රනිල් එයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්න අයට සොරිම තමයි කියලා.සමහරවිට විමල් ඒ අනතුරු ඇඟවීම කළේ ජානීපෙය ඇතුලේ රනිල් ළඟට යන්න ඉන්න තුන්දෙනා ගැන හෝඩුවාක් දැනිලා වෙන්න ඇති.
එහෙම තියන තත්වයක් යටතේ ලන්සා තමයි කිව්වේ ඉස්සෙල්ලා එන්නේ ජනාධිපතිවරණය. ඒකට රනිල් ඉදිරිපත් වෙනවා.අපි රනිල්ට උදව් කරනවා කියලා.එතකං කවුරුත් රනිල්ට උදව් කරනවා කියලා කිව්වේ නෑ,පොහොට්ටුව කිව්වේ අපේක්ෂක ඉන්ටවිව් එකට හතර දෙනෙක් ඉන්නවා වෙලාවට හොඳම කෙනා තෝරලා දානවා කියලා.බැසිල් නොනිල වශයෙන් ධම්මික පෙරේරා ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට බෞතීස්ම කරලා තමයි සියරට ගියේ.හැබැයි ලන්සගේ මේ ප්රහාරයත් එක්ක පොහොට්ටුවට ඇඩ්රස් නැතිවුනා.
දැන් ලන්සා පොහොට්ටුවට අභියෝග කරන්නේ පුළුවන් නම් ධම්මිකව දාන්න කියලයි.ඇත්තටම ලන්සාගේ අභියෝගය මාර දේශපාලනිකයි.ඒ කියන්නේ ලන්සා මේ ගහන්නේ රාජපක්ෂගේ ඉතිරිවෙලා තියන අන්තිම නිලයටයි.යම් විදිහකින් රාජපක්ෂලා ධම්මික හරි කවුරු හරි දැම්මොත් රාජපක්ෂ පවුලේ සෙට් එක සහ ඔය බැලමෙහෙවර සෙට් එකේ කීපදෙනා හැර පොහොට්ටුවේ අති බහුතරය රනිල් ළඟට සහ ලන්සලා ළඟට යනවා.
එතනින් රාජපක්ෂලාගේ තක්කඩි දේශපාලන ඉවරයි.දැන් රාජපක්ෂලාට රනිල්ට යටත් වීම හැර වෙන උත්තරයක් නෑ.ලන්සා කළේ රාජපක්ෂලාගේ යටත්වීම තවත් ඉක්මන් කරවීමයි.ඇත්තටම ඒක දියුණු දේශපාලනික උපක්රමික ප්රහාරයක්.මෙතනදී ලන්සා තව දෙයක් කරලා තියනවා.ඒ තමයි රනිල් සහ රාජපක්ෂලා කියන්නේ එකක් නෙවෙයි දෙකක් කියලා රටට පෙන්නලා තියනවා.ඒ වගේම රනිල්ටත් ලන්සා කියා දුන්න පාඩමක් මේක ඇතුලේ තියනවා.
ඒ තමයි ජයග්රහණ කරන්න නං රනිල්ට ඕනි පොහොට්ටුව මිසක රාජපක්ෂලා නෙවෙයි කියන එකයි. ඒක නිසා වතුරෙන් කිරි වෙන් කර ගන්නවා වගේ රනිල්ටත් තියෙන්නේ පොදුජන පෙරමුණ කියන වතුරට වැටිලා තියන ගොම ටික අයින් කරලා වතුර ටික උණු කරලා හරි පාවිචිචියට ගන්න.ලන්සාගේ මේ දේශපාලන මැදිහත්වීමට රටේ රාළ කිව්වේ ලන්සා එල්ල කළේ පොකුරු බෝම්බ ප්රහාරයක් කියලා.
එතනදි තමයි ලන්සා කවුද කියන එක හොයාගෙන යන්න වෙන්නේ. ලන්සා වෙනස්ම දේශපාලන භූමිකාවකට අවතීර්ණ වෙලා කියලා මේ සිද්ධීන් දාමයෙන් දැනෙනවා.ලන්සා හිටියේ රාජපක්ෂ ධාරාවේ.ඒකෙන් ගැලවුනා කියන එක කාලෙකට උඩදී ඉදන් අපි දන්නවා.ලන්සලා විතරක් නෙවෙයි විමල්ලා,ගම්මන්පිලලා,ඩලස්ලා වගේ ගොඩක් අය ගැලවුනා.හැබැයි එයාලා තමන්ට යන්න නවාතැන් පොළවල් හොයද්දී ලන්සලා අලුත් නවාතැන් පොලක් හදන්න උත්සාහ කරන බව පේනවා.
එතනදී තමයි අපට වැදගත් වෙන්නේ ලන්සා කවුද කියන එක. ලන්සා සම්බන්ධව තිබුණ මතය උනේ කුඩු බිස්නස් කලා.ඒවා අල්ලන්න STF එක පැන්නා. මහින්ද හෙලිකොප්ටරයෙන් ඇවිත් ලන්සා බදාගෙන බේරගත්තා කියන එකයි.හරි ඒක එහෙම නං ලන්සා කියන්නේ මහින්දගේ ළඟම සමීපතමයෙක්.හැබැයි මේ මතු කරපු සමාජ මත ඇත්තමද කියන ප්රශ්නයත් තියනවා.
හැම සමාජ මතයක්ම ඇත්ත නං අනුරගේ සල්ලි යුරෝපයේ දුපතක ආයෝජන කරලා තියනවා කියන කතාවත් ඇත්ත වෙන්න ඕනි. අනුරට අයර්ලන්තයේ ගෙයක් තියනවා කියන එකත් ඇත්ත වෙන්න ඕනි.සජිත් නිදන් කැඩුවා කියන එකත් ඇත්ත වෙන්න ඕනි. කොහොම උනත් ඒ සම්බන්ධව කලින්ට වැඩිය පැහැදිලි කිරීමක් කරන එක ලන්සාගේ මේ දේශපාලන භූමිකාවටත් හොදයි.
හැබැයි මෙතන මෙහෙම ප්රශ්නයක් තියනවා.කුඩු ප්රශ්නක් තිබුණා නං මහින්ද ගිහින් ලන්සා වඩා ගත්ත පමණින් ඒක විසදෙනවද?එහෙම එකපාරට සියල්ල ඉවර වෙන්න බෑ. ඒක්කෝ ඒක ප්රබන්ධයක් වෙන්න ඕනි.ඕනි නං ලන්සාගේ මේ දේශපාලන භූමිකාවට විරුද්ධ අයට එහෙම ප්රබන්ධ හදන්න පුළුවන්. සනත් නිශාන්තලා වගේ රාජපක්ෂලාගේ කුලී හේවායෝ ඒ වගේ කතා තවමත් කියනවා. යුක්තිය මෙහෙයුම පටන් ගන්නකොට ලන්සා ඉස්සෙල්ලාම ගන්න කියලා පෝස්ට් දැම්මේ ජවිපෙ සහ පොහොට්ටුවේ Facebook බළෑණිය බව දැන් ඔප්පු වෙලා තියනවා.
එහෙම තියනවා නං ගත්තට කිසිම ප්රශ්නයක් අපට නෑ.හැබැයි මෑතකාලීන ලාංකික දේශපාලනය ඇතුලේ ගොඩක් අයගේ දේශපාලන ජීවිතය විනාශ කරන්න ඔය ජාතියේ මෙහෙයුම් ඕනි තරම් කරලා තියනවා.ජවිපෙ සහ රාජපක්ෂලා කියන්නේ ඒ මෙහෙයුම් කලාවේ පිකාෂෝලා.එතනින් එහා දේශපාලනය ගැන හිතුවොත් මේ වෙලාවේ රටේ තියන රාජපක්ෂ විරෝධය නිවැරදිව නියෝජනය කරන්නේ ලන්සා බව කියන්න ඕනි.
ඒක පොහොට්ටු විරෝධයකට පටු නොකර රාජපක්ෂ විරෝධයක් බවට පෙරලන්න ලන්සා දක්ෂ වෙලා තියනවා.ඇත්තටම ඒ නිසාම රාජපක්ෂ විරෝධය අතහැර දාලා ඉන්න ජවිපෙත් තමන්ගේ අනෙකා බවට ලන්සාව පත් කරගෙන ඉන්න බව පේනවා.දැන් ලංකාවේ රාජපක්ෂ විරෝධයේ සීල් එක බවට පත්වෙලා තියෙන්නේ ලන්සා.රනිල් තවදුරටත් රාජපක්ෂ සරණං ගච්චාමී වෙන්න හිතනවා නං රනිල්ටත් ළඟදීම ලන්සා ඇණයක් වෙන්නත් බැරි නෑ.කොහොම උනත් මේ මොහොතේ ලන්සා ඉෂ්ඨ කරමින් ඉන්නේ ප්රගතිශීලී කාර්යභාරයක්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට

රටේ රාළ.

May be an image of 2 people and dais

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *