මගෙ සිහිනය මට දකින්න ඉඩහරින්න – අස්පට් ෂූටිං

May be an image of the Oval Office
ආයුබෝවන් මචංලා……අපේ කාන්ත සහෝදරයා විප්ලවීය විදිහට පට්ට ගොන් කතාවක් කියලා තියනවා දැක්කද?කාන්තයගේ ඔය වැඩේ දිගමට කරනවා.මේ පාර කාන්ත කියන්නේ ලප කුමාර සහෝදරයා දිනපු ගමන් දෙන පළවෙනි නියෝගය කවුන්සිලේ විසුරවන්නලු.
මචං…….ඒ කතාවට මාර විදිහටනේ ජෙප්ස්ලා අපොඩි ගහනවනේ. අස්පට් ෂූටිං බලා හිටියේ මේ ගිරාපෝතකයෝ ටිකට කවදා නං මොළේ පහල වෙයිද කියලා. මොක්කු උනත් මේ රටේ මිනිස්සුනේ අප්පා……
මචං….මෙහෙම හිතපංකෝ…ලප කුමාර සහෝදරයා නැතිව සජානෝ දිනුවා කියලා.මිනිහා ඉස්සෙල්ලාම දෙන නියෝගය මොකද්ද?ඒත් කවුන්සිලේ විසුරවන එක තමයි.හරි හාමු දිනුවා කියහංකෝ.හාමු දෙන පළවෙනි නියෝගයත් කවුන්සිලේ විසුරවන්න තමයි.ඕක මචං මොකා ජනාධිපති උනත් ඊළඟට කරන්න ඕනි වැඩේනේ.
කාන්ත සහෝදරයා ඒක කියන්නේ මිනිහා ලෙනින්ගේ වෙළුම් ඔක්කොම බලලා හොයාගෙන ආපු ඒකක් වගේ.ඒක කියපු ගමන් ගිරා පෝතක පෝතිකාවෝ ටික ලතෝනි දෙනවා.මචංලා ඔය කාන්ත සහෝදරයා කියන කතාවේ ඉතුරු ටික අස්පට් ෂුටිං කියන්නද?
දැන් මචං…. ලප කුමාර සහෝදරයා මහ පුටුවට දිනනවා.ඊට පස්සේ ජූලියා ඇවිත් ලපයා බාදාගෙන කිස් එකක් දෙනවා.ලපයා හිරිඔතප් බිදගෙන ගිහින් කවුන්සිලේ විසුරවලා general election එක call කරනවා.ඒකෙන් ලප කුමාර සහෝදරයා තුනෙන් දෙකක ජයග්රහණයක් ගන්නවා.දැන් විධායකය බලයත් එහේ ව්යවස්ථාදායක බලයත් එහේ.
මාස තුනක් ඇතුළත රටේම බලය ගත්තා.ඊට පස්සේ මචං කාන්ත සහෝදරයා කියන විදිහට රාජ්ය බලය යොදාගෙන සියල්ල සුද්ධ බුද්ධ කර ගන්නවා.එතකොට තව මාස තුනක් ගිහින්.දැන් මාස හයයි.
රාජ්ය භාණ්ඩාගාරය හිදිලා.ලප කුමාර සහෝදරයා බලය නැති කාලේ කිව්ව මොකවත් කරන්න බෑ. ආයෙත් පරණ තැනට රට වැටෙනවා.පෝලිම් එනවා. පෝළිම්වල මිනිස්සු මැරිලා වැටෙනවා.රට පුරා වැඩවර්ජන, හර්තාල්.
නන්දේ බලයට ගෙනාපු අය නන්දේ එලවන්න පාරට බැස්සා වගේ ලප කුමාර සහෝදරයා බලයට ගෙනාපු අය ලපේ එලවන්නත් පාරට බහිනවා.ජනතාව ලප කුමාර සහෝදරයා ඉන්න මන්දිරයේ ගේට්ටු කඩාගෙන ඇවිත් ලප කුමාර සහෝදරයා ඉන්න කාමරයේ දොරට තට්ටු කරනවා.
ඒ සද්දෙට ලප කුමාර සහෝදරයට ඇහැරෙනවා. ඇහැරිලා බලනකොට නෝනා ලග ඉන්නවා. එතකොට තමයි ලප කුමාරට තේරෙන්නේ මේ දැකලා තියෙන්නේ හීනයක් කියලා. නිකං හිතපන්කෝ මචං ඒක හීනයක් වුනේ නැත්තං මොකද්ද වෙන්නේ.
නන්දේ නං අන්තිම ගේට්ටුව කඩනකොට පිටිපස්සේ දොරෙන් පැනලා ගියා.ලප කුමාර ඉන්න කමරේටම ඇවිත් දොරට තට්ටු කරනකොට කොහේට කියලා පනින්නද?වෙලාවට මේක හීනයක් උනේ කියලා ලප කුමාර සහෝදරයා ආයෙත් නිදා ගන්නවා.
කාන්ත සහෝදරයා ඔය අපට කියන්නේ ඒ හීනේ ගැන.කාන්ත අපට කියන්නේ හීනයේ මුල කොටස.අඟ කොටසට එනකොට ලපේ බය උනා වගේ කාන්තත් බයේ හැංගෙනවා.ඒ ටික කියන්න කාන්ත සහෝදරයා නැති හින්දයි අස්පට් ෂූටිං කියලා දැම්මේ.ලපේ දකින හීන පලාපල කාන්ත කියනවා එච්චරයි. ගණන් ගන්න එපා සහෝදරවරුනි.

අස්පට් ෂූටිං.

May be an image of the Oval Office

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *