|

විපක්ෂය බලා ඉන්නේ ඔබ සමග කතා කර සියල්ල වෙනස් කරන්නයි – අයි එම් එෆ් නියෝජිතයින්ට ජනාධිපති කියයි

මෙරට විපක්ෂයේ සියලු දෙනා කියන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ක්‍රියාවට නගන වත්මන් වැඩ පිළිවෙළ වෙනස් කරන බව යැයි ද, ඔවුන් ඒ සඳහා මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසට දැනුම් දුන්නේ ය.

මුල්‍ය අරමිදලේ වැඩ සටහනේ ප්‍රගතිය සමාලෝචනයට ශ්‍රී ලංකාවට පැමිණ සිටින නියෝජිත පිරිස ඊයේ හමු වූ අවස්ථාවේ ජනාධිපතිතුමා මෙම දැනුම්දීම සිදුකොට තිබේ.

ආර්ථිකය යතාවත් කිරීමට ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කොට ඇති වැඩ පිළිවෙළේ ප්‍රගතිය ගැන මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පැසසුම හිමි වී ඇති බවත්, මෙම වැඩ පිළිවෙළ දිගට ම ක්‍රියාත්මක කළ යුතු බවත් මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස එහි දී ප්‍රකාශ කළේ ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *