ගෝටාගෙන් පසු ජනතාවාදය කොතැනට ද? – චින්තන ධර්මදාස
මේ කාලෙ අපිට ජනතාවාදී ප්‍රවාහයන් දෙකක් අදුරගන්න පුළුවන්. එකක් තමයි ජාජාබ ප්‍රවාහය. ඒ අය දූෂිතයන් අනෙකා කරගනිමින් ජනතාව මෙහෙයවනවා. අනෙක තමයි යුක්තිය මෙහෙයුම. ඒක කරන්නෙ ආණ්ඩුව. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය සහ පීඩිත දුප්පතුන් අනෙකා කරගනිමින් ජනතාව අත්පොලොසන් දෙන මෙහෙයුමක් කරනවා. ලංකාවෙ එතෙක් මෙතෙක් බිහිවුනු ලොකුම ජනතාවාදී ප්‍රවාහය නිර්මාණය වුනේ රාජපක්ෂවාදය ඇතුලෙ. ඒක නිර්මාණය වුනේ සුළු ජාතීන් අනෙකා නැත්නම් සතුරා කරගනිමින්. ජාතිය රකින සංකල්පයක් ඇතුලේ.
මේ ජනතාවාදී ප්‍රවාහයන්වල ආකර්ශනීය නායකයන් බිහිවෙනවා. ඒ අය දක්ෂිණාංශික, වාමාංශික වගේම වෙනත් සංස්කෘතික, ආගමික කල්ලි නායකයන් විදිහට මතුවෙන්න පුළුවන්.
නන්දා මාලනී කියන්නෙ එක කාලෙක ජනතාවාදී ගායිකාවක්. ඥානසාර කියන්නෙ ජනතාවාදී නායකයෙක්. අනුර කුමාර වගේම මහින්ද රාජපක්ෂත් එහෙමයි.
ඇයි ජනතාවාදය නරක කියල අපි කල්පනා කරලා බලමු.
මේ ජනතාවාදී අදහස්වලට බහුතරය ආකර්ශනය වෙන හේතුව හරිම සරල පැහැදිලි එකක්. ඒක ඇතුලෙ ජනප්‍රිය දුකට වේදනාවට ලේසි පහසු සහනයක් තියෙනවා. හරියට පැනඩෝල් වගේ. එතනදි තමන්ගේ වේදනාවට වගකිවයුත්තා විදිහට දුෂ්ටයෙක් නිර්මාණය කරලා දෙනවා.
මෙතන වැදගත්ම දේ සංකීර්ණ ප්‍රශ්නවලට ඉතාම ලේසි පහසු විසඳුම් යෝජනා කරන එකයි. මේක කලොත් සරලව මේ ජාතියම නැත්තං රටම ගොඩගන්න පුළුවන් වගේ යෝජනා එතන මතුවෙනවා. පහර දෙන්න පුළුවන් සතුරෙක් නිර්මාණය කිරීම ජනතාවාදයේ අනිවාර්ය අවශ්‍යතාවයක්. කොයිවෙලාවක හරි මේ වරදට හේතුව තමන්මයි වගේ යෝජනාවක් ආවොත් ජනතාවාදය එතනින් අවසන්. මොකද ජනතාවාදයේදී තමන්ගේ අර්බුදයට වගකිව යුත්තා වෙන්නෙ තමන් නෙමෙයි, අනෙකාමයි.
ජනතාවාදය මෝඩ වෙන්නෙ කරුණු කීපයක් හින්ද.
කිසිම ජාතික ප්‍රශ්නයක් සරල නෑ. සරල උත්තර හැමතිස්සෙම ෆේල් වෙන්න නියමිතයි. ෆේල් වෙනවා කියන්නෙ රටක් නං බංකොලොත් වෙනවා කියන එක. ගෝඨාභය කියන්නෙ ජනතාවාදයේ උල්ම එක. චිත්‍ර ඇඳලා, තොරන් ගහලා ගෙනාපු ගෙදර වවාගෙන කන, කාබනික විසඳුම්වලින් රට අරන් ගිය තැන පැහැදිලියි. දැන් ඒ ජනතාවම ජාජාබ විසින් යෝජනා කරන සරල විසඳුම්වලට තොරන් බඳිමින් ප්‍රශස්ති ගයමින් ඉන්නවා.
ප්‍රචන්ඩත්වය අවුස්සන එක භයානකයි. ජනතාවාදය නිතරම මතුවෙන්න ප්‍රචන්ඩත්වයක් එක්කයි. කවුරුන් හෝ සතුරා කරගනිමිනුයි. මේ නිසා හරිම ලේසියෙන් හැම දෙයක්ම කණපිට ගහන්න පුළුවන්. අරගලය අන්තිම වෙද්දි පාලනය කරගත නොහැකි වුනු ජනතාවාදය විසින් ගෙවල් දොරවල් පවා ගිනිබත් කරන්න ගත්තා කෙනෙකුට මතක ඇති.
නායකයොත් ඇඳගන්නවා. බලය ගන්න කියල ජනතාවාදයට හේත්තුවෙන නායකයොත් අන්තිමට ඒ ජනතාව විසින්ම අන්දනවා. ඒ අයත් අර සරලමතික විසඳුම් විශ්වාස කරන්න ගන්නවා. තමන් පරම සත්‍යය කියන බව විශ්වාස කරනවා. අන්තිමට කෙලවගන්නවා. රාජපක්ෂලා කියන්නෙ ලංකාවෙ ජනතාවාදයේ ක්ලැසික් උදාහරණයක්.
ජනතාවාදීන් සතුරන් කියල විශ්වාස කරන්නෙ ඇත්තටම අර්බුදය ඇති කරන අය නෙමෙයි. තමන්ට ලේසියෙන් පහර දෙන්න පුළුවන්, බහුතරයක විශ්වාසය දිනාගන්න පුළුවන් ලේසි සතුරන්ව තමයි ජනතාවාදීන් හඹාගෙන යන්නෙ. ප්‍රශ්නය වෙන තැනක තියෙද්දි තවත් ප්‍රශ්නයක් නිර්මාණය කරන එකයි අන්තිමේදි සිද්ද වෙන්නෙ.
ලංකාවෙ පාස්කු ප්‍රහාරය සිද්ද වුනු ආකාරය කෙනෙකුට අධ්‍යනය කරන්න පුළුවන්. ධනවතුන් හතුරන් විදිහට සැලකීම කියන්නෙත් වාමාංශික ජනතාවාදයේ හැමදාම පැවතුනු ආකාරයක්.
ජනතාව ඉල්ලන දේ දෙන එක නායකත්වය නෙමෙයි. ජනතාවාදයේ කරපිටින් එන නායකයන්ට සිද්ද වෙනවා ජනතාව ඉල්ලන දේ දෙන්න. ඒවා බොහෝ විට මුග්ධ ඉල්ලීම්. ජාතියක් අනතුරේ හෙලන තත්වයන් මේ නිසා නිර්මාණය වෙනවා. ඒත් බලය රඳවා ගැනීම වෙනුවෙන් ජනතාවාදී නායකයන් මේ බොරු පොරොන්දු දිගටම දෙමින් යනවා.
ජනතාව කියන්නෙ නිර්මාණයක්. ජනතාව කියල එකක් නෑ. ඒක ජනතාවාදීන් විසින් කරන නිර්මාණයක් විතරයි. ජනතාව කියන්නෙ තනි තනි මිනිස්සු. බලය වෙනුවෙන් නිර්මාණය කරගන්නා හිතලු ජනතාව කිසි වෙලාවක රටක ප්‍රශ්න විසඳන තැනට වැඩේ අරන් යන්නෙ නෑ. මොකද ඒ ජනතාව කියන එකම මුලාවක් හින්ද.
චින්තන ධර්මදාස
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ – facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම – Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)