|

ඔපරේෂන් ගොඩ……හේවා – අස්පට් ෂූටිං

May be a doodle of text
මචංලා……සජා ආචාර්ය හර්ෂට වැඩේ දෙයි වගේ නේද?ආචාර්ය කෙනෙකුට ගේම දෙන්න තවත් ආචාර්ය කෙනෙක් යොදා ගැනීම සදාචාරාත්මක නෑ වගේම මචං ආචාර්ය කෙනෙකුට වැඩේ දෙන්න තවත් ආචාර්ය කෙනෙක් ඉදිරිපත්විමත් සදාචාරාත්මක නෑ.
මචං හර්ෂට විතරක් නෙවෙයි කබීර්ටයි,එරාටයිත් coming soon වගේ.ඔය තුන්දෙනාගෙම ආර්ථික දර්ශණය එකයිනේ.කරුමේ කියන්නේ හාමුගේ ආර්ථික දර්ශනයත් ඒකම වෙච්චි එකනේ.
මචං ඔය කොච්චර කිව්වත් බනානා සුජීටයි,තට්ට මරික්කාටයි හර්ෂගේ ආර්ථික දර්ශනේ නෙවෙයි බං ප්රශ්නේ තියෙන්නේ.ඒක බං මේ මනාප ප්රශ්නයක්.
තට්ට මරික්කාට ඕනි අගනුවරින් දෙක.සජා එක, මරික්කා දෙක.ඒකා ගණං හදන්නේ එහෙම. බනානා සූජීට තියෙන්නේ එතනින් බෝඩ් වෙන ප්රශ්නේ.ඒකට දැනට ඉන්න එකෙක් වටිට ගන්නම ඕනි.
ඕකටනේ බං දෙන්නත් එක්ක වටකරගෙන හර්ෂාට ගහන්නේ. එතෙන්ට වියතේ ගොඩයත් සෙට් උනහම කොහොම හිටීද?මචං සජාත් මොලේ තියන එකෙකුට ඕක ඇතුලේ ඉන්න දෙන්නේ නෑ.ඉන්න දුන්නොත් ඉතින් අංකල් ජීඑල් වගේ වලපයයි,ගොඩපයයි කෙනෙකුට තමයි.
බලපං කළුතර ” වෙලා ” ඇවිත් වටපිට බලලා ගියා. ෆොනී ආවා තමයි ඒත් දැන් නෑ.මචං ෆොනිත් දක්ෂයා.ෆොනිට බාරදුන්න වැඩේ හරියට කලානේ.
ඊළඟට පාටි,පාටිත් මචං වැඩ පෙන්නපු පොරක්නේ. ඒ වගේ අයට සජා ලග ඉඩ නෑ.ඉඩ තියෙන්නෙ මෙලෝ රහක් නැති හත්තිලව්වලට විතරයි බං.
එතකොට උඹලා අහයි වියතේ ගොඩයත් උගතෙක් නෙවෙයිද කියලා.ආචාර්ය කෙනෙක් උනත් මචං අනාචාරේ ගියොත් ඒ උගත්කමෙන් වැඩක් නෑ.
ගොඩයා educated පොරක් නං වෑල්ඩින් නන්දේ පස්සේ යයිද බං.ගොඩයගේ පළවෙනි චොයිස් එකම වැරදීනේ බං.නන්දේ රටම කෙලියේ නැද්ද?ඉතින් මං උඹලා හිතනවද ගොඩයාගේ දෙවෙනි චොයිස් එක හරියයි කියලා.
ගොඩයට ඥානය තියනවනං ඇයි එදා සජා තොරන්නේ නැතිව නන්දේ තේරුවේ.සජා මේ අලුතෙන් ආපු හාදයෙක් නෙවෙයිනේ.පරණ සජාමනේ බං ඔය.
හරි පරක්කු උනා ගොඩයා කියපු කතාවකින්ම අද කතාව ඉවර කරන්නං මචං.වාරකන් කාලෙට කැස්බෑවෝ මැරෙන්න ගොඩට එනවා කිව්වේ ඔය ගොඩයානේද?මේත් එහෙම ආපු කැස්බෑවෙක් තමයි.හැබැයි මචං මේ කැස්බෑවා අනිත් කූස්බෑවන්ට වැඩිය ගොඩක් වෙනස්.
උන් වෙරලට ආවේ මැරෙන්න.මේකා සජා ලගට ආවේ මරාගෙන මැරෙන්න.පව් බං සජා.
අස්පට් ෂූටිං.
May be a doodle of text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *